Latestවිදේශීය

අමෙරිකා ඉරාන ගැටුම් උත්සන්න වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන වෙළෙඳ නැව් ඉලක්ක කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව දිගින් දිග­ටම පහ­ර­දීම හේතු­වෙන් සිව්වැනි වර­ටත් ඉරා­න­යට දැවැන්ත ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළ බව අමෙ­රි­කාවේ මධ්‍යම අණ­දෙන හමුදා මධ්‍ය­ස්ථා­නය නිවේ­ද­නය කර තිබේ. හෝමූස් මුහුදේ සිවිල් නැවි­යන්ට සහ වෙළෙඳ නෞකා­ව­ලට ප්‍රහාර එල්ල කිරී­මට ඉරා­න­යට ඇති හැකි­යාව තව­දු­ර­ටත් දුර්වල කිරීම අර­මුණු කර­මින් එම ගුවන් ප්‍රහාර සිදු කරන බව අමෙ­රි­කාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඉරාන විප්ල­වීය හමු­දාවේ ප්‍රධාන කඳ­වු­රක් පිහිටි කිෂ්ම් දූප­තට සහ ඉරාන හමු­දාවේ සන්නි­වේ­දන පද්ධති ඉලක්ක කර­මින් එම ප්‍රහා­රය සිදු කර ඇති අතර, දෙරට අතර නැවත යුද ගැටුම් උත්සන්න වීම හේතු­වෙන් මැද­පෙ­ර­දිග කලා­පයේ සාමය ස්ථාපිත කිරීම සඳහා පසු­ගිය මාස­යේදී අත්සන් තැබූ අව­බෝ­ධතා ගිවි­සුම ද අව­දා­න­ම­කට ලක් වී තිබේ. ඉරා­නයේ වෙර­ළ­බඩ නග­රය වන බන්දාර් අබ්බාස්, සිරික්, ජාක්ස් ඇතුළු තවත් ස්ථාන රැසක් ද අමෙ­රි­කානු හමු­දාවේ ඉලක්ක බවට පත්වී ඇති අතර, එම ප්‍රහා­ර­ව­ලින් දැවැන්ත පිපි­රීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

අමෙ­රි­කාවේ ප්‍රහා­ර­ව­ලට ප්‍රති­ප්‍ර­හාර එල්ල කිරීමේ ඉරාන උපා­ය­මා­ර්ගික ක්‍රම­වේ­ද­යට අනුව පෙරේදා රාත්‍රියේ සිට වරින් වර කුවේට්, බහ­රේන්, ජෝර්දාන් සහ ඕමා­නය රට­වල පිහිටි අමෙ­රි­කානු හමුදා කඳ­වු­රු­ව­ලට ඉරාන ආර­ක්ෂක හමු­දාව මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *