Latestදේශීය

සලේ කල්ලිය හැලේ

පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මත අත්තඩංගුවට ගත් සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයින් යොදා ගනිමින් ගෙන ගිය විශාල මාධ්‍ය ප්‍රචාරය නිසා ඔවුන් අන්ත අසරණ මට්ටමට වැටී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ගෙන යන බව උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ප්‍රමුඛ පිරිසක් ඉතාමත් සදාචාරාත්මක නොවන ආකාරයේ ප්‍රචාර ගෙන යනු ලැබීය. එම ප්‍රචාර සඳහා සුරේෂ් සලේගේ බිරිඳ, පුතා සහ සොහොයුරා ද යොදා ගන්නා ලදී.

ඒ සියල්ල අවසානයේ මේ වනවිට සුරේෂ් සලේ පිළිබඳව කිසිදු අවධානයක් පෙර කී දේශපාලන කණ්ඩායම් විසින් යොමු කර නැති අතර, සලේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාර පිළිබඳව පවුලේ ඥාතීන් ඔහුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් කරන විමසීම්වල දී කිසිදු පිළිතුරක් ලබා දිය නොහැකිව අන්ත අසරණ වී ඇති බව වාර්තා වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *