ඉතිහාසයේ ප්‍රථමවරට අමෙරිකාව අභිබවා චීනය ඉදිරියට
චීනය පිළිබඳ ධනාත්මක දැක්මක් සහිත ගෝලීය පුද්ගලයින්ගේ අනුපාතය පසුගිය වසර 20 තුළ ප්‍රථම වතාවට ඇමරිකාව ඉක්මවා ගොස් තිබෙන බව Pew Research මධ්‍යස්ථානය පසුගියදා නිකුත් කළ අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව, මෙම සමීක්ෂණයෙන් පෙනී යන්නේ අමෙරිකානු ප්‍රතිරූපය ක්‍රමයෙන් පිරිහීමත් සමග, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය යනාදී ඇමරිකානු සන්ධාන රටවල් ඇතුළු මෙම වසරේ සමීක්ෂණයට ලක් වූ රටවල් 36න් බහුතර රටවල් අතර චීනය ඇමරිකාවට වඩා ඉහළ හිතවාදී ශ්‍රේණිගත කිරීමක් පෙන්නුම් කරයි.
ආසියා-පැසිෆික් සහ මැදපෙරදිග රටවල චීනයට ලබා දෙන ඉහළ ප්‍රමුඛත්වය විශේෂයෙන් කැපී පෙනේ. චීනයට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීමක් අමෙරිකාවට හිමිව ඇත්තේ ඉන්දියාව, ජපානය, පිලිපීනය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ පෝලන්තය යන රටවල් හයකින් පමණි.
චීනය කෙරෙහි අවධානය යොමු කර ඇති තවත් Pew Research මධ්‍යස්ථානයේ සමීක්ෂණයකින් පෙනී යන්නේ, සමහර යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක් චීනය වෙත දක්වන ජනප්රසාදය ඉහළම අගයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මධ්‍යම ආදායම්ලාභී රටවල් 17ක ප්‍රතිචාර දැක්වූවන් චීනයට සාපේක්ෂව ඇමරිකාව පිළිබඳව වැඩි කනස්සල්ලක් පළ කර තිබේ. චීනය “විශ්වාසදායක හවුල්කරුවෙකු” ලෙස සලකන බව ඉන් බහුතරයකගේ අදහසයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

