Latestදේශීය

අභිරහස් ලෙස මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කෙරේ.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදි.

ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25වැනිදා එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වැනිදා විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස කටයුතු ක‌ළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *