Latestදේශීය

වව්නියාවේ පවුල් 1000කට විදුලිය ලබාදීමට සැලසුම්

යුද්ධය අවසන් වී වසර 18ක් ගතවී තිබුණද තවමත් විදුලි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවකට කඩිනමින් විදුලි සැපයුම ලබාදීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.


වවුනියාව දිස්ත්‍රික්කයේ විදුලි සේවා සම්බන්ධ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.


විදුලි සැපයුම් ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, මෙම වසර තුළ පමණක් පවුල් 200කට වැඩි සංඛ්‍යාවකට විදුලි සැපයුම ලබාදී ඇති බව අනාවරණය විය. ඉතිරි පවුල් සඳහා ද කඩිනමින් විදුලිය ලබාදීම පිළිබඳව ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත.


එමෙන්ම, ජනතාවට කාර්යක්ෂම හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් මාර්ග 15ක නව විදුලි රැහැන් පද්ධති ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම, විදුලි සම්බන්ධතා ලබාගැනීමට මූල්‍යමය හැකියාව නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම, සමස්ත දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි අධි ධාරිතාවයෙන් යුත් නව විදුලි පරිණාමක 32ක් ස්ථාපනය කිරීම සහ දිට්වා ආපදා සමයේ හානි වූ කුංජුක්කුලම් පාලම ආශ්‍රිත විදුලි රැහැන් පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *