චීනයට ගංවතුර – 08ක් ජීවිතක්ෂයට
චීනයේ නිරිතදිග චොංකිං (Chongqing) මහනගරයේ පෙන්ෂුයි (Pengshui) ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 34 දෙනෙකු අතුරුදන් වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාව හේතුවෙන් කඳු බෑවුමකින් විශාල ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් නිවාස 10කට වැඩි සංඛ්‍යාවක් වැළලී ගොස් ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර තිබේ. තවත් පුද්ගලයින් 1,100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
නායයෑමෙන් කඩා වැටුණු විශාල ගල් අතරින් එකක් බහුමහල් ගොඩනැගිල්ලකටත් වඩා විශාල බව වාර්තා වන අතර, නායයෑමෙන් ගල් සහ සුන්බුන් ඝන මීටර් 18,000ක් පමණ ප්‍රදේශය පුරා පැතිරී ඇති බව බලධාරීන් පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති අතර, වර්ෂාව තරමක් අඩුවීමෙන් පසු ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් යට සිරවූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටී.
මෙම ආපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සහ පොදු සේවා යළි ගොඩනැගීම සඳහා චීන රජය යුවාන් මිලියන 30ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 4.4ක් පමණ) හදිසි සහන මුදලක් වෙන් කර තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

