විශේෂ විමර්ශන අරඹයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ආරම්භකර ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් බස්නාහිර පළාත් දකුණු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාට ලබාදුන් විශේෂ නියෝගයකට අනුව මෙම විමර්ශනය සිදු කරනු ලබයි.
මරණය වෙඩි වැදීමකින් සිදුව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇතත් එය වෙඩි තබා ගැනීමක් ද නැතිනම් අත්වැරදීමකින් ගිනි අවිය පත්තුවී වෙඩි වැදී තිබේදැයි තහවුරුවී නැත.
රසපරීක්ෂක වාර්තාව සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මඟින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදී ඇත්තේ පපු ප්‍රදේශයටය. එම වෙඩිල්ල සිරුර හරහා ගොස් අසල පිටුවක වැදී තිබී ඇත. ඔහුගේ ආරක්ෂාවට නිවසට යොදවා ඇති සැරයන්වරයාගේ ගිනි අවියෙන් මෙසේ වෙඩි වැදී තිබේ. එම සැරයන්වරයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ හිටපු පොලිස්පතිවරයා ව්‍යායාම් සඳහා පාපැදියෙන් පිටත්ව යෑමට නිවසින් පිටතට පැමිණ තමාගේ ගිනි අවිය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි බවය. තමා ගිනි අවිය ලබාදුන් පසු වතුර බෝතලයන් ගෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව නිවස තුළට තමා ගිය විට වෙඩි ශබ්දයක් ඇසුණු බව ඔහු පවසා තිබේ. එම අවස්ථාවේදී නිෙවස තුළ වික්‍රමරත්න මහතාගේ බිරිය සහ බාල පුතා සිට ඇත. ඔවුන් නිවසින් පිටතට පැමිණෙන විට වික්‍රමරත්න මහතා වෙඩි වැදී වැටී සිට ඇති බවත් ගිනි අවිය ද ඒ අසල බිම තිබී ඇති බවත් පොලීසිය කියයි. හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) දින සිදු කිරීමට නියමිතව ඇත. පූර්ණ පොලිස් ගෞරවය සහ ආචාර මැද අවසන් කටයුතු සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

