පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි (MetLife Stadium) හිදී පැවැති මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර, තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.
අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගත්තේය.
VAR තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමෙන් පසුව මෙම ගෝලය නිල වශයෙන් තහවුරු කෙරිණි.

තරගයේ 90+3 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් දෙවන කහ කාඩ්පත (රතු කාඩ්පතක්) ලබා ගනිමින් පිටියෙන් ඉවත් කරනු ලැබීය.
එම නිසා අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග කිරීමට සිදුවිය.
ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පිල තරගය පුරා උත්සාහයන් කිහිපයක්ම ගත්තද, ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා අභිබවා යාමට ඔවුන්ට නොහැකි විය.
2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16 කට පසුව සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් විය.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

