Latestදේශීය

මේ ආණ්ඩුව ගොවියාට බදු බර දී සිගරට් සමාගම්වලට බදු සහන දීලා – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව සිගරැට් සමාගම්වලට බදු සහනත් ගොවි ජනතාවට බදු බරත් ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හම්බන්තොට සූරියවැව ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැවති හමුවකදී ඒ මහතා පසුගිය දා (15) මේ බව කීවේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

2026 ජනවාරි සිට ජූලි 14 වැනි දින දක්වා සිගරැට් සමාගමට ශ්‍රී ලංකා රුපියල් බිලියන 9.2ක බදු සහන ලබා දී තිබෙනවා. ගොවිතැන් කරන්න අවශ්‍ය කෘෂි උපකරණවලට නම් මේ බදු සහන නැහැ. සිගරැට් සමාගම්වලට බදු සහනත් ගොවි උපකරණවලට බදු බරත් ලබා දෙන්න මේ රජය කටයුතු කර තිබෙනවා. වී ගොවියා ආරක්ෂා කරන්න කියා රජය සහතික මිලක් ලෙස නාඩුවලට රු. 120ක් සම්බාවලට රු. 130ක් කීරි සම්බාවලට රු. 140ක් දැන් දෙනවා කීවා. මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට පත් කරන බව පැවසුවා. අද ගොවිතැන පාඩුදායක වෘත්තියක් වෙලා.

අද වන විට ගොවිතැන විෂම චක්‍රයක් බවට පත් වෙලා. ගොවියා මර උගුලක සිරවී ඉන්නවා. ගිනි පොලී මුදලාලිලාගෙන් ගිනි පොලියට මුදල් ගෙන ගොවිතැන් කළත් ගුණාත්මක පොහොර, බිත්තර වී, කෘෂි රසායන ලැබෙන්නේ නැහැ. පොහොර සහනාධාරය පවා නියමිත පරිදි ලැබෙන්නේ නැහැ. ඊට අමතරව කෘෂි රසායන සහ පොහොර මිල වැඩි වෙලා. මෙවැනි ගැටලු මැද උපකරණවල මිල පවා වැඩි වී ඇති මොහොතක තවත් බදු මේ උපකරණ මත රජය පටවා තිබෙනවා. ඊට අමතරව අලි මිනිස් ගැටුමද දැවැන්ත වෙලා. දේපළ ජීවිත ආදි සෑම දෙයක්ම නැති වුවත් රජයට මේවා ප්‍රශ්න වෙලා නැහැ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *