මහේන්ද්‍රට, ප්‍රියන්තට ජාත්‍යන්තර සම්මාන හිමිවෙයි
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ දී (Malaysia International Film Festival – MIFFest) දී මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර යන මෙරට අති දක්ෂ රංගනවේදී දෙදෙනා සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ අනුව එම සම්මාන උළෙලේ `හොඳම නළුවාට’ (Best Actor) හිමි සම්මානය දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත් වී තිබෙන අතර `හොඳම සහාය නළුවාට’ (Best Supporting Actor) හිමි සම්මානය ප්‍රියන්ත සිරිකුමාර දිනා ගැනීමට සමත් ව ඇත.
ඒ, ඔවුන් දෙදෙනාම රංගනයෙන් දායක වන ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයක් වන “රිවස්ටර්න්” (Riverstone) සිනමාකෘතියේ රංගන දායකත්වය වෙනුවෙනි.
එම සිනමා කෘතියේ ‘සාජන්ට් උදයසිරි’ගේ විශිෂ්ට චරිත නිර්මාණය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා සම්මානයට පාත්‍ර වී සිටින අතර එම සිනමා කෘතියේ ම `පොලිස් කොස්තාපල් චන්ද්‍රපාල’ගේ විශිෂ්ට චරිත නිර්මාණය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර සම්මානයෙන් පිදුම් ලබා ඇත.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
