Latestදේශීය

කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ යකඩ කූරු අත­රින් මම ඔබව දකිමි – නාමල් කියයි

ආණ්ඩුවේ වියරු දේශ­පා­ලන බල­යට තමා කිසි­සේත් යටත් නොවන බවත් තම අධි­ෂ්ඨා­නය සිර­ගත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් ජන­පී­ඩක ආණ්ඩුවේ රුඳුරු බල බිඳින ජන සටන අනු­රා­ධ­පු­ර­යේදී පසු­ගිය 12දා පැවැති ජන­හ­මු­වට රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ සිට නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා එවන ලද ලිපියේ එසේ සඳ­හන් කර තිබේ.

මෙම රැලිය සඳහා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාද එක්ව සිටි අතර ජාතික පිවි­තුරු හෙළ උරු­මය පක්ෂයේ නායක උදය ගම්ම­න්පිල, හිටපු අමාත්‍ය විමල් වීර­වංශ, ටිරාන් අලස් යන මහ­ත්ව­රුද සහ­භාගි වී සිටි­යහ.

නාමල් රාජ­පක්ෂ මහතා එවා තිබූ එම ලිපිය හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා විසින් ඉදි­රි­පත් කළේය.

‘කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ යකඩ කූරු අත­රින් මම ඔබව දකිමි. ඔබ විසින් මා වෙත පළ කරන මේ ළෙන්ගතු සහෝ­ද­ර­ත්වයේ උණු­සුම මම මෙහි සිට අත්වි­ඳිමි. ඔබගේ මේ උද්‍යෝ­ගි­මත් සහ­යෝ­ගය මට ඉම­හත් ආස්වා­ද­යකි. මේ අභි­යෝ­ගා­ත්මක මොහො­තට මම ඉතා ශක්ති­මත්ව මුහුණ දෙමි. ඔබ වැනි වීර­ව­න්ත­යන් සහිත දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් මෙහෙ­ය­වී­මට ලැබීම මා ලද භාග්‍ය­යකි. ජන සටන මහ රැලිය මෙරට පොදු­ජන සටන් ව්‍යාපා­රයේ තීර­ණා­ත්මක අලුත් ආර­ම්භ­යක් වනු ඇත. අපි මේ අව­තීර්ණ වී සිටින්නේ යුගයේ යුක්ති සහ­ග­තම දේශ­පා­ලන සටන් අව­කා­ශය වෙත­ටයි. ඔබ මා සමඟ එක්වනු ඇතැ­යිද එහි සඳ­හන් කර තිබිණි. ශ්‍රේෂ්ඨ ලෝක නාය­ක­යකු වූ නෙල්සන් මැන්ඩෙලා රොබන් දූපත් සිර­මැ­දි­රියේ සිට ලියූ ලිපි­යක තිබී මෙසේ ලියා තිබුණි: ‘දුෂ්ක­රතා ඇතැ­මුන්ව බිඳ දමයි, එහෙත් දුෂ්ක­රතා විසින් ඇතැ­මුන්ව ගොඩ­න­ඟනු ලබයි.’ අප දුෂ්ක­රතා හමුවේ තව තවත් ශක්ති­මත් වන මිනි­සුන්ය. අභි­යෝග අබි­ය­සදී අප වඩාත් ශක්ති­මත් වීමේ පාඩම මට කියා දුන්නේ මගේ ආද­ර­ණීය තාත්තාය. ජන­ව­ර­මට ගරු කිරීම, ප්‍රති­ප­ත්ති­ව­ලට වග­වීම, තීර­ණ­ව­ලට හේතු දැක්වීම ආණ්ඩු­ක­ර­ණ­යේදී නොස­ලකා හැරිය නොහැ­කිය. එහෙත් මේ ආණ්ඩු­වට එවන් සදා­චා­ර­යක් නැත. වර්ත­මාන මාලිමා ආණ්ඩුව කිව්දේ නොක­රයි, නොකියූ දේ කරයි. රටේ සමස්ත පුර­වැසි සමා­ජ­යේත් සැබෑ අභි­ලාෂ නොතකා සිටී. මෙය රටක දේශ­පා­ල­නයේ ප්‍රති­ප­ත්ති­මය විශ්ව­ස­නී­ය­ත්වය බිඳ දැමී­මකි.

මෙම ආණ්ඩුවේ ධුර කාල­යෙන් තුනෙන් එකක් දැන් අව­සන්ය. ඔවුන් විසින් සපථ කළ දියුණු ආර්ථි­කය, සුව පහසු ජීවි­තය, අලුත් සමාජ දේශ­පා­ලන පරි­ව­ර්ත­නය හුදු ප්‍රබ­න්ධ­යක් පමණි. කිසිදු පුර­වැසි ආයා­ච­න­ය­කට මාලිමා ආණ්ඩුව සාධා­රණ ප්‍රති­චා­ර­යක් දක්වා නැත.

තමන්ගේ දහ­ඩිය මහ­න්සි­යට සාධා­රණ ඉල්ලා සිටි ගුරු­ව­රුන්ට මේ ආණ්ඩුව දුන් බාල අන්වර්ථ නාමය ඔබට අම­තක නැත. සාධා­රණ ඉල්ලීම් සහිත කම්කරු සට­න­කට පිළි­තුරු ලෙස අදාළ ආය­ත­නය වසා දැමූ ආණ්ඩු­වක් ගැන ඔබ මීට පෙර අසා තිබු­ණාද? තෙල්මිල, විදු­ලි­මිල, වී මිල සහ හාල් මිල ගැන මේ තරම් බොරු පොරොන්දු දුන් ආණ්ඩු­වක් තව­දු­ර­ටත් බලයේ සිටිය යුතුද? බදු බර අඩු කරන බවට, ආහාර ද්‍රව්‍ය සහ පාසල් උප­ක­රණ සියලු බදු­ව­ලින් නිද­හස් කරන බවට පොරොන්දු දුන් ආණ්ඩු­වට අද කිසි­වක් ගැන වගේ වගක් නැතැ­යිද දක්වා තිබේ.

ආද­ර­ණීය මිත්‍ර­ව­රුනි, ආණ්ඩුවේ දේශ­පා­ලන බල­ව­තුන් සියලු දෙනා සිටින්නේ නීති­යට ඉහ­ළිනි. නීති­යට ඉහ­ළින් කිසි­වෙක් නැත යන්න මේ ආණ්ඩුව යටතේ තව­දු­ර­ටත් වලංගු නැත. මෙම ආණ්ඩුව පොරොන්දු වූයේ අලුත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­නය කර ජන­මත විචා­ර­ණ­ය­කින් එය සම්මත කර ගන්නා බවයි. විධා­යක ජනා­ධි­පති ධුරය අහෝසි කරන බව­ටත්, අග­මැති ප්‍රමුඛ පාර්ලි­මේන්තු ආණ්ඩු­ක්‍ර­ම­යක් ස්ථාපිත කරන බව­ටත්, අලුත් මැති­ව­රණ ක්‍රම­යක් හඳුන්වා දෙන බව­ටත් එදින පොරොන්දු වී තිබුණි. පළාත් සභා මැති­ව­ර­ණය පිළි­බ­ඳ­වද ආණ්ඩුව සාහ­සික ලෙස නිහ­ඬව සිටී. යුක්තිය, සාධා­ර­ණය, නීතියේ ආධි­ප­ත්‍යය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හර­යන් ලෙස නොස­ල­ක­මින් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථා සංශෝ­ධ­න­යක් කර­ළි­යට රැගෙ­න­විත් තිබේ.

කිසි­වකු පිළි­බඳ අපට වෛර­යක් නැත. එහෙත් මේ සමාජ, ආර්ථික, දේශ­පා­ලන ව්‍යස­න­යට එරෙ­හිව අප සටන් කළ යුතු යුතුව ඇත. ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ විශ්වා­ස­යෙන් අපි ඉදි­රි­ය­ටම යමු. නොබි­යව වීර­ව­න්තව සටන් කරමු. එය උපන් නූපන් සිය­ල්ලන් වෙනු­වෙන් අප වෙත පැව­රුණු වග­කී­මයි. අභි­යෝග ජය­ගත හැකි දැවැන්ත මහ­ජන බල­වේ­ග­යක් ගොඩ­න­ඟමු. අපි සාම­කාමී වෙමු, වින­ය­ග­රුක වෙමු, නීති­ග­රුක වෙමු. මේ ඉති­හා­ස­ගත ජනසටන ජය­ග්‍ර­හ­ණය අව­සන් කරමු. මාගේ හෘද­යාං­ගම ස්තුතිය භාර­ගන්නා ලෙස ආද­ර­යෙන් ඉල්ලා සිටිමි; යැයිද එහි සඳ­හන් කර ඇත.

මෙහිදී අද­හස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීර­සිංහ මහතා,

“එදා අවු­රුදු තිහක් මේ රටේ තිබුණු යුද්ධය මාවිල් ආරු­ව­ලින් පටන් අර­ගෙන නන්දි­ක­ඩාල් කල­පු­වෙන් ඉවර කළේ දුටු­ගැ­මුණු රජ­තුමා වගේ රුහු­ණෙන් ආපු අපේ අද­ටත් හද­වතේ ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මැති­තු­මායි.

අද ගොවි­යගේ වී ටික විකු­ණ­ගන්න බෑ රුපි­යල් 80යි 85යි වී ටික. අද ගොවියෝ වහ බොන තැනට ඇවිල්ලා.

අද පොලො­න්න­රුවේ ගොවි රැලි­යක් පව­ත්ව­නවා. ජනා­ධි­ප­ති­තු­මනි, දැන් ගොවි සම්මේ­ලන ඕනේ නෑ. ඔබ­තු­මාට ඇති වෙන්න බලය මේ රටේ ගොවියෝ දුන්නා. දැන් මේ ගම්වල ගිහිල්ලා රැස්වීම් තිය තිය ඉන්නෙ නැතුව, අර ඒ කාලේ ඔබ­තු­මාගේ ගමේ ඇවිල්ලා, අපේ ගොවි අම්මා තාත්තා එක්ක පිදුරු කාපු, අපේ ගොවියෝ එක්ක ගොයම් ටික කාපු, අපේ ගොවි­යොත් එක්ක මඩ කාපු, අයට අද ගොවි­කම අම­තක වෙලා,.

ලාල්කා­න්තයි වඳුරෝ ගණන් කරපු ඇමැ­තියි කොළ­ඹට ඇවිල්ලා, කෝට් එක ඇඳලා අද කූල් කාමරේ ඉන්නවා, දුක් විඳින ගොවි­යගේ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ.

ඒක නිසා අපි ඉල්ල­නවා ජනා­ධි­ප­ති­තු­මනි, මහ බැංකුව පිරී ඉතිරි ගිහි­ල්ලලු. ඕක මේ රටේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් ඇහු­වොත් කියයි. හැමෝ­ටම ගහන්න තියෙන බදු ඔක්කොම ගහලා, සුද්දා ගහපු තන බද්ද ඇර ඉතුරු බදු ඔක්කොම ගහලා, මේ රටේ මිනිස්සු හූරා­ගෙන කාලා, භාණ්ඩා­ගා­රය පිරෙ­ව්වට වැඩක් නෑ. මේ ආණ්ඩු­වෙ­නුත් අවු­රුදු දෙකක් ගත­වෙලා ඔබ තමු­න්නා­න්සේලා ගොවි­යට කරපු කෙන් ගෙඩි­යක් තියෙ­න­වද කියලා.”

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා,

“ජේවීපී මිත්‍ර­ව­රුනි ප්‍රහා­රය අශිෂ්ට නම්, ප්‍රති­ප්‍ර­හා­රයේ ශිෂ්ට­ත්වය හොයන්න එපා කියලා ඉගැ­න්නුවේ ඔබ­ලාගේ දේශ­පා­ලන නාය­ක­යන් තමයි. අද මහා සංඝ­ර­ත්නය සිය ගාණක් වැඩම කරලා ඉන්නේ ශාස­නික ප්‍රශ්න­යක් තියෙන නිසා, ගොවියෝ ලක්ෂ ගාණක් ඇවිල්ලා ඉන්නේ ගොවි­යාට කෘෂි­ක­ර්මය පිළි­බඳ ප්‍රශ්න­යක් තියෙන නිසා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලු දෙනාට සහ දේශ­පා­ලන නාය­ක­යන්ට අශිෂ්ට ප්‍රහාර එල්ල කරන ගමන්, තිස්ස කුට්ටි­ආ­රච්චි කතාව ඇතුළේ ශිෂ්ට­ත්වය හොයන්න එන්න එපා කියන එක බොහෝම තරයේ මතක් කර­නවා.

නාමල් රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩු­වක් හදපු දව­සට, අනු­රා­ධ­පුරේ පළ­මු­වැනි පොරො­න්දුව දෙන්න මගේ අහිං­සක ගොවි ජන­තාව වෙනු­වෙන්, කන්න තුන­කට ඇති­වෙන්න තෙල් පොහොර ස්ටොක් එකක් ලබා දෙන්න කියලා ඉල්ල­නවා. අනු­රා­ධ­පුර අට­ම­ස්ථා­නය එළි වෙන­කම් වඳින්න පුදන්න පුළු­වන් පූජා භූමි­යක් කරන්න කියලා ඉල්ල­නවා. හැම සෙන­සු­රා­දාම රුව­න්වැලි සෑ මහා සෑයට රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් පූජාව පව­ත්වන අතරේ, අට­ම­ස්ථා­නයේ ශබ්ද පූජාව අපිට අර­ගෙන දෙන්න කියලා කියන කාර­ණා­වත් ඔබට මතක් කරන ගමන් තව දෙයක් කියන්න ඕනේ, මේ වන විට කිලෝ­මී­ටර් ගාණක් ඈත එළියේ ඔබ වගේම ජන­තා­වක් එළියේ ඉන්නවා ආඩ­ම්බ­ර­යෙන් කියන්න කැම­තියි, අනුර මහ­ත්තයෝ එකෙක් හිර ගෙට දාන්න, එම සැණින් දහ­යක් නැඟි­ටි­නවා, දහ­යක් හිරේ දාන්න ඊළඟ පසු පෙළේ නාය­කයෝ සීයක් නැඟි­ටි­නවා. මුළු රටම හිර­ගෙ­යක් බවට පත් කළ­හොත් මිස, ඔබට හිරේ දාලා ඉවර කරන්න බෑ කියන එකයි අපේ අභි­යෝ­ගය.”

මෙහිදී අද­හස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීර­වංශ මහතා

“කොටි බෙදු­ම්වාදී සංවි­ධා­නය යුද­මය වශ­යෙන් පරා­ජය කරපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ ඇතුළු ඒ කට­යු­ත්තට හවුල් වෙච්ච ආර­ක්ෂක හමුදා ප්‍රධා­නීන්, මේජර් ජෙන­රාල් සලේලා, නිශාන්ත උලු­ගේ­තැ­න්නලා, කර­න්නා­ගො­ඩලා ඊයේ පෙරේද සීඅ­යිඩී එකට යනවා මම දැක්කා. රොෂාන් ගුණ­රත්න, යුද්ධය වෙලාව හිටපු මේ ගුවන් හමු­දා­පති. මේ තමයි එයා කියන කළු රාජ්‍යයේ කට්ටිය. වෙන කවු­රුත් නෑ. සලේ අයිති කළු රාජ්‍ය­යට. නිශාන්ත උලු­ගේ­තැ­න්න­ලාව දාල තියෙන්නේ ඒ කළු රාජ්‍ය­යට. කර­න්නා­ගො­ඩලා උසාවි අරන් යන්නේ, දාලා තියෙන්නේ ඒ කළු රාජ්‍ය­යට. එදා ඒ සට­නට වච­න­ය­කින් හරි දායක වෙච්ච මිනි­හෙක් ඉන්නවා නම්, ඒ හැමෝ­ගෙන්ම පළි­ගැ­නීමේ නැරැ­ටිව් එක තමයි, මුන් ඔක්කොම අයිති කළු රාජ්‍ය­යට කියලා කියන එක. මේ කළු රාජ්‍ය­යට මහ බැංකු බැඳු­ම්කර හොරු අයිති නෑ. මලික් සම­ර­වි­ක්‍රම මහ බැංකු හොර­කමේ ප්‍රධාන චුදි­ත­යෙක්. ඒ අය කළු රාජයේ නැහැ.

මහ බැංකු හොර­ක­මට චෝදනා ලබපු මලික් කළු රාජ්‍ය­යට අයිති නැහැ. රනිල් ගාව හිටපු ක්‍රිෂාන්ත කුරේ, ඩීල් ක්‍රිෂාන්ත ඒගොල්ලෝ කළු රාජ්‍ය­යට අයිති නැහැ.

හොයාලා බලන්න රිෂාඩ් බදු­ර්දීන්. රිෂාඩ් බදු­ර්දීන් තිබිච්ච හැම ආණ්ඩු­ව­කම ඇමැ­ති­කම් දැරුවා. ඕන තරම් චෝදනා තියෙ­නවා. අඩු ගාණේ දඩ­යම් මන්දි­ර­යට එක දව­සක් ගෙන්න­න­වාද? නැහැ. මේ පළිය ගන්නේ, මේ වාඩුව ගන්නේ, LTTE ඩය­ස්පෝ­රාව සල්ලි දුන්නා කියලා අර්ජුන මන්ත්‍රී­තුමා මෙතන කිව්වා. ඕක අපි කිව්ව­මනේ පිළි­ගන්නේ නැත්තේ. එතුමා දන්නවා එතුමා කිව්වා.”

මෙහිදී අද­හස් දැක්වූ පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා

“මම මේ වේදි­කා­වට ගොඩ වුණේ ආරා­ධිත කථි­ක­යෙක් විදි­ය­ටයි. අපි අද ඔබේ වේදි­කා­වට ආවේ පද­නම් විර­හි­තව අයු­ක්ති­ස­හ­ග­තව නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­තුමා සිර­ගත කිරී­මට අපේ රටේ බුර­බුරා නැඟෙන විරෝ­ධය පළ කර­න්න­ටයි.

ලෝකයේ තියෙ­නවා ලොකුම ගුව­න්යානා සමා­ගම් දෙකක්, බෝයින්, එයා බස්, මේ ගුවන් යානා විකු­ණ­ගන්න ඒගො­ල්ලන්ගේ තර­ගය නිසා ගුවන් සමා­ග­ම්ව­ලට කොමිස් දෙනවා. 2013-2015 අතර එයා­බස් සමා­ගම ගුවන් සමා­ග­ම්වල ලොක්කෝ 5 දෙන­කුට අල්ලස් දුන්නා, කොමිස් මුද­ලක් දුන්නාය කියලා හොයා ගන්නවා.

මේ ගුවන් සමා­ගම් පහෙන් එකක් තමයි ශ්‍රී ලන්කන් එයා­ර්ල­යින්. ශ්‍රී ලංකන් එයා­ර්ල­යින් එකේ ලොක්කෙ­කු­ටත් කොමිස් එකක් දීලා. එයා ඒක ගෙනැ­විත් තියෙන්නේ තමන්ගේ බිරි­යගේ නමින් ‘ඩිස්සො­ලු­ෂන්’ කියලා සිංග­ප්පූ­රුවේ බැංකු ගිණු­ම­කට. ඒ ලැබිච්ච කොමිස් එකෙන් ලොකු කුට්ටි­යක්, ඩොලර් ලක්ෂ 8ක් යනවා ඔස්ට්‍රේ­ලි­යාවේ ඉන්න නිමල් පෙරේ­රාගේ ගිණු­මට. දැන් ඔන්න මිත්‍ර­ව­රුනි, අපේ පොලී­සි­යයි, අල්ලස් එකේ උද­වි­යයි නිමල් පෙරේ­රා­ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න ඔස්ට්‍රේ­ලි­යා­වට යනවා. අපි හිතුවේ අර මාක­ඳුරේ මධුෂ් ගෙනාවා වගේ, කෙහෙ­ල්බ­ද්දර පත්මේ ගෙනාව වගේ නිමල් පෙරේරා කුද­ල­ගෙන ලංකා­වට ගෙනෙයි කියලා. හැබැයි මොකද වුණේ? නිමල් පෙරේරා ලවා ලියව ගන්නවා ‘මට හම්බ­වෙච්ච සල්ලි මම නාමල්ට දුන්නා’ කියලා. නාමල්ට දුන්නා කියන්න කිසිම සාක්ෂි­යක් නෑ. අඩුම ගානේ දුර­ක­තන ඇම­තු­මක් නෑ. සීසී­ටීවී දර්ශ­න­යක් නෑ. ඒ විත­රක් නෙවෙයි මිත්‍ර­ව­රුනි, ඔය දුන්නා කියන මුදල ගත්ත බැංකු­ව­කුත් නෑ. කිසිම සාක්ෂි­යක් නැතු­වයි නාමල් රාජ­පක්ෂ මහ­ත්ත­යාව අත්අ­ඩං­ගු­වට අරන් තියෙන්නේ.”

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්,

“මේ රටේ ගොඩක් දේවල් වැඩි කළා අපේ ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මැති­තුමා. ඔබ­තුමා මේ රටේ වරා­ය­වල් වැඩි කළා. ඔබ­තුමා මේ රටේ ගුවන්තොටු­ප­ළ­වල් වැඩි කළා. ඔබ­තුමා මේ රටේ මහ­මාර්ග වැඩි කළා. පාසල් වැඩි කළා. විදුලි බලා­ගාර වැඩි කළා. විශ්ව­වි­ද්‍යාල වැඩි කළා.

ඒ විත­රක් නෙමෙයි, මේ රටේ මහ පොළ­වත් වැඩි කරලා, රටේ සිති­යම අලු­තෙන් ඇන්දුවා.

වත්මන් ජනා­ධි­ප­ති­තු­මාත් මේ රටට වැඩ කළා.

එතුමා රටේ වැඩි කර­පුව මොන­වාද? මේ රටේ දුප්ප­ත්කම වැඩි කළා. මේ රටේ විරැ­කි­යාව වැඩි කළා. මේ රටේ සම්පූර්ණ සමා­ජය විනාශ කළා. මේ රටේ ත්‍රස්ත­වා­දය නැවත වැඩි කළා. පාරක් පාරක් ගානේ වෙඩි තියන. බෝම්බ ගහන සමා­ජ­යක් ඇති කළා.

අපේ සිංහල කතා­වක් තියෙ­නවා, ‘තල වැපි­රු­වොත් තල නෙළා ගන්න පුළු­වන්, මුං වැපි­රු­වොත්, මුං නෙළා ගන්න පුළු­වන්’ කියලා. නාමල් රාජ­පක්ෂ කියන ඒ තරුණ නාය­ක­යාගේ ඒ දර්ශ­නය ඔබට නව­ත්වන්න බැහැ. ඒ ගමන ඔබට නව­ත්වන්න බැහැ. ඔහුගේ මේ රට වෙනු­වෙන් තියෙන ඒ දැවැන්ත වැඩ­පි­ළි­වෙළ හිර­ගෙ­ව­ල්වල දාලා ඔබට නව­ත්වන්න බැහැ.”

පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා ­රා­ම­නා­දන්

“මම උතුරේ ඉප­දිච්ච එක්කෙ­නෙක්. මම කොටියෙක් විදිහට කියන්නෙ මගේ අවු­රුදු 40ම උතුරේ ජීවත් වෙච්ච කියන්න කැම­තියි සිංහල ජන­තාව කියලා කිය­න­කොට මට මතක් වෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහත්මා විත­රයි. වෙන කවු­රුත් නැහැ. මම අවු­රුදු 40ක් දේශ­පා­ල­නය කරලා නැහැ. මට මේ දේශ­පා­ල­නය කරන්න ඕනේ නැහැ. මම එකක් කිය­න්නම්, මම නාමල්ට කිව්වා මචං උඹ 2029 ජනා­ධි­පති වෙන­වා­මයි. ඒක මම දන්නවා. ඒ කාලේ ඔබ­තු­මාට මාව මතක නැතිව ඇති, හැබැයි මම එකක් කිය­න්නම්, මෙතන ඉන්න සිංහල ජන­තා­වයි, උතුරේ ඉන්න දෙමළ ජන­තා­වයි, ඕගොල්ලෝ එකතු කර­න­වා­නම්, එතන මචං මම ඉන්නවා කියලා.

මම ඩොක්ටර් වෙලා ඉන්න­කොට එක නඩු­ව­ක්වත් මට තිබුණේ නැහැ. හැබැයි මේ දේශ­පා­ල­න­යට ආවට පස්සේ අපේ ජනා­ධි­ප­ති­තුමා මට නඩු විසි නව­යක් දැම්මා” යැයි කීවේය.

ඉත්තෑ­කන්දේ සද්ධා­තිස්ස හිමි­පා­ණන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ බෙන්තර ඇල්පි­ටිය ප්‍රධාන සංවි­ධා­යක හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාද අද­හස් පළ කළහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *