Latestක්‍රීඩාදේශීය

ආසි­යානු ක්‍රීඩා උලෙ­ළට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම්

ජපා­න­යේදී පැවැ­ත්වෙන 20 වැනි ආසි­යානු ක්‍රීඩා උලෙළේ විස්සයි20 ක්‍රිකට් තරග සඳහා එක්වන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩා­යම් නම් කර තිබේ.

මේ සංචිත ද්විත්ව­ය­ටම 15 දෙනකු බැගින් ඇතු­ළත් වන අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිරිමි කණ්ඩා­යම සහන් ආර­ච්චිගේ නාය­ක­ත්ව­යෙන් සහ කාන්තා ජාතික කණ්ඩා­යම චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් තරග බිමට පිවි­සී­මට නිය­මි­තය.

මේ ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්ව කණ්ඩා­යම් 8කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ලබන 17 වැනිදා ආරම්භ වන්නේ අර්ධ අව­සන් පූර්ව වටයේ සිටය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දි­යාව, පාකි­ස්තා­නය, බංග්ලා­දේ­ශය, චීනය, තායි­ල­න්තය, මැලේ­සි­යාව සහ සත්කා­රක ජපා­න­යට තර­ගා­ව­ලි­යට එක් වන අතර, ශ්‍රී ලංකා පිල 18 වැනිදා මැලේ­සි­යා­වට එරෙ­හිව තෙවැනි අර්ධ අව­සන් පූර්ව තර­ග­යට එක් වෙයි. 20 වැනිදා අව­සන් පූර්ව වටය සහ 22 වැනිදා අව­සන් මහ තර­ගය සමඟ තෙවැනි ස්ථානය සඳහා තර­ගය පැවැ­ත්වී­මට නිය­මි­තය.

පිරිමි තර­ගා­ව­ලියේ ප්‍රධාන කණ්ඩා­යම් අතර සිටින ශ්‍රී ලංකාව සමඟ ඇෆ්ග­නි­ස්තා­න­යෙන් හා පාකි­ස්තා­න­යෙන් ද ‘ඒ’ කණ්ඩා­යම් එක්වන අතර, ඉන්දි­යාව සහ බංග්ලා­ද්ශය ජාතික කණ්ඩා­යම් නම් කර තිබේ. පිරිමි තර­ගා­ව­ලියේ මූලික වටයේ තරග මේ මස 24 වැනිදා ආරම්භ වන අතර, ඊට ඇෆ්ග­නි­ස්තා­නය, ජපා­නය, නේපා­ලය, හොංකොං, මැලේ­සි­යාව සහ ඕමා­නය එක් වෙයි. ශ්‍රී ලංකාව, ඉන්දි­යාව, පාකි­ස්තා­නය සහ බංග්ලා­දේ­ශය අර්ධ අව­සන් වට­යට එක්වන අතර, එම තරග 28 සහ 29 දින­වල පැවැත්වේ. අව­සන් පූර්ව තරග ඔක්තෝ­බර් 1 වැනිදා සහ අව­සන් මහ තර­ගය 3 වැනිදා පැවැත්වේ.

පිරිමි කණ්ඩා­යම – සහන් ආර­ච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිරෝ­ෂන් දික්වැල්ල, සිනෙත් ජය­ව­ර්ධන, නුව­නිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, චාමික කරු­ණා­රත්න, තරිඳු රත්නා­යක, වනුජ සහන්, විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මදු­ෂාන්, සොහාන් ඩි ලිවේරා.

කාන්තා කණ්ඩා­යම – චමරි අත­පත්තු (නායි­කාව), විශ්මි ගුණ­රත්න, සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, කෞෂානි නුත්‍යාං­ගනා, හර්ෂිතා සම­ර­වි­ක්‍රම, නිල­ක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි, සුග­න්දිකා කුමාරි, නිමාෂා මදු­ෂානි, චමුදි ප්‍රබෝධා, කාව්‍යා කාවින්දි, මිතලි අයෝද්‍යා, හසිනි පෙරේරා.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *