නාමල්ගේ අයතා වත්කම් නඩුව ඔක්තෝබර් 29
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති නඩුව ඔක්තෝබර් 29 දා නැවත කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (30) නියෝග කළේය.
නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන සැකකරුවන් සිව්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් NR Consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම මෙම සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනාව වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
අනතුරුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කර විස්තර ලබා ගැනීමට තිබෙන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුකරය නැවත ඔක්තෝබර් 29 වන දින කැඳවීමට නියෝග කළ අතර, එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

