ඉන්දුනීසියානු මගී නෞකාවක් ගිනිගනී – 05දෙනෙකු ජීවිතක්ෂයට
පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 41 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ.
ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන නැගෙනහිර ජාවා හි සුරබයා සිට දකුණු සුලවේසි හි මකසාර් බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව, ගිනිගැනීමට ලක්ව ඇත්තේ මධුර දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදීය.
නෞකාවේ හදිසියේ ගින්න හටගැනීමත් සමග ක්‍රියාත්මක වූ එහි කපිතාන්වරයා, වහාම ඒ පිළිබඳව එරට ජාතික සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සිය වෙත දැනුම් දී ආධාර ඉල්ලා ඇත.
අතුරුදහන් වූ පිරිස සෙවීම සහ අනතුරට පත් අනෙකුත් මගීන් මුදාගැනීම සඳහා ඉන්දුනීසියානු ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් මේ වන විටත් විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

