Latestදේශීය

ලලිත් කුගන් නඩුවේ සාක්ෂි ලබා දීමට ගෝඨාභයට නියෝග

ලලිත්–කූගන් නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මස 29 වැනිදා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත සම්බන්ධතාවයක් හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි ලබාදීමට නියමිතයි.
ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගේසු යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් පවතින නඩුවට අදාළව මෙම සාක්ෂි කැඳවීම සිදු කර තිබේ.

අධිකරණ නියෝගයට අනුව ඉදිරි නඩු කටයුතු සඳහා හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂිය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *