අත්තම තුළින් රටම පිරිසිදු කිරීම අරඹයි
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රට පුරා ක්‍රියාත්මක වන අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන මගින් කොලොන්නාව මජිඩ් පෙදෙස පවිත්‍රකරණයට ලක් කෙරිණි.
පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාවෙන් ” අත්තම ජාතික පවිත්‍රතා ” දින වැඩසටහන අද දින දිවයින පුරා ආරම්භ කෙරිණි.
දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ‘අත්තම’ පවිත්‍රතා ජාතික වැඩසටහන නිළ වශයෙන් ආරම්භ කිරීම අද (08) සිදු කෙරිණ.
පරිසර ප්‍රජා සහජීවනය සහ පවිත්‍ර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව සංවිධානය කරනු ලබයි.
ග්‍රාමීය ප්‍රජා ශක්ති කමිටු සහභාගීත්වය සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල අධීක්ෂණය යටතේ පළාත් 09 ම ආවරණය වන පරිදි ප්‍රධාන වැඩසටහන් සහ ප්‍රාදේශීය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රජා සහයෝගීතාවය සහ සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය නැවතත් තරුණ පරපුර තුල ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම පොදු දේපල කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරමින් ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කිරීමත්, මහාමාර්ග, මංමාවත් වෙළඳපොල ඇතුළු පොදු ස්ථාන පවිත්‍ර කරමින්, ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.
කොළොන්නාව අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහනින් වැල්ලම්පිටිය,ඔරුගොඩවත්ත, 510 ග්‍රාම නිලධාරී වසමේ පවිත්‍රකරණ කටයුතු අද ආරම්භ කෙරිණි. ඒ යටතේ 143 බස් නැවතුම් ස්ථානය හා ඒ අවට මාර්ගයට අවධානම් ගස් ඉවත් කිරීම 117 පිට්ටනිය වත්ත පවිත්‍ර කිරීම, අත්හැර දමා ඇති මජිද් මහල් නිවාස පරිශ්‍රය සහ මජිද් පෙදෙස කාණු පද්ධති ඇල මාර්ගය පවිත්‍ර කෙරිණි.
කොළොන්නාව – අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන ආරම්භ කරමින් රාජ්‍ය නිලධාරීහු සහ ජනතාව ආමන්ත්‍රණය කල එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා,
අද රටේ දේශපාලනයේ පරිවර්තනීය වෙනසක් සිදුවෙලා තිබෙනවා. පොදු මහජනතාව ජනතාවාදී ආණ්ඩුවකට මේ රටේ පාලනය භාර දී රට ගොඩනගන්න සාමූහිකව පොරබදන අවස්ථාවක්. තනි තනිව නොව ජනතා සහභාගීත්වය ඇතිව ඉදිරියට යනවා. අපි සියලුදෙනා එක්ව නැගිටින කාලවකවානුවක්. හරියට ඇඟිලි පහ වගේ ඒකාබද්ධව ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව එක්ව සිටින පාලන තන්ත්රයක ඔබ අප ජීවත් වන්නේ. ජනතාව, නිළදාරීන්, දේශපාලන අධිකාරිය සාමූහිකව සිදු කරන අත්තම ජාතික වැඩසටහන සෑම මසකම අවසන් සතියේ ක්‍රියාත්මක කරන හුදු ශ්‍රමදානයක් නොවන මෙම වැඩසටහන බිමේ පැලකරගන්න සියළු පාර්ශවයන්ගෙන් අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට කොළොන්නාව මහ නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, එහි උප සභාපති සේනක සමන්ත සෙනෙවිරත්න, එහි මන්ත්‍රීවරුන් වන හර්ෂ නලින් හේමරත්න, එස්.කේ ශෂිකලා, පිර්දොස් මව්ලවි, දපුල කුමාර, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, එහි ප්‍රාදේශීය මන්ත්‍රීවරු, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, එහි ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂිකා පී.ඩී රූපසිංහ, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන නියෝජනය කරමින් පොලිස් නිළදාරීහු, කැළණිමුල්ල ශ්‍රී ලංකා යුධ හමුදාවේ අනු ඛණ්ඩයේ නිළදාරීහු, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්, ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීහු, ආර්ථික සංවර්ධන නිළදාරීහු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඇතුළු ප්‍රදේශවාසීහු එක්ව සිටියහ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

