බන්ධනාගාරවල ගැටුම් ඇතිකළ කණ්ඩායම් හඳුනාගනී
නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම ඔවුන් වෙනත් බන්ධනාගාරවලට මාරුකිරීම ඇතුළු ඉදිරි පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාර තුනෙහි ඊයේ (07) හා පෙරේදා (06) දිනයන්වලදී ගැටුම්කාරී තත්ත්වයන් හටගන්නා ලදී.
එහිදී රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඊයේ (07) ඇතිකළ නොසන්සුන්තාව අතරතුරදී සිරමැදිරිවල ඇති වහල කඩා විනාශ කිරීම හේතුවෙන් මේවන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වෙයි.
ඊට හේතුවී ඇත්තේ එම ප්‍රදේශයට නිතර වැසි ඇතිවීම නිසා රැඳවියන් අදාළ ස්ථානවල රැඳවීමට නොහැකිවීමය.
ඒ අනුව අද (08) දිනයේදීත් ඒ පිළිබඳව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳව සොයා බලා බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබේ.
අදාළ නොසන්සුන්තාව අතරතුරදී රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර ඔවුන්ගේ සිරුරවල වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි තවදුරටත් අමුත්තන් බැලීම සඳහා අවස්ථාව නොමැති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

