යෝෂිතගෙන් පැය 03ක් ප්‍රශ්ණ කරයි
නීතිවිරෝධි ලෙස මෙරටට වාහන ආනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) පැය 03ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම වාහන ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් යෝෂිත රාජපක්ෂ මහතාද ඊට සම්බන්ධ බව පවසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය. මෙම ප්‍රශ්න කිරීම කරනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබේදැයි දැන ගැනීමට සහ ඉදිරි විමර්ශන සඳහා බවද වුඩ්ලර් මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

