Latestදේශීය

දරුණු නියඟයක් – දැඩි ආහාර හිඟයක්

මුළු ලෝකයට ම බලපාන පරිදි ඇති වී තිබෙන කාලගුණ විපර්යාසයෙන් දරුණු ආහාර හිඟයක් ඇති වෙනු ඇතැයි විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබේ.

ලෝකයේ රටවල් රැසක ලැව් ගිනි ඇවිලී යමින් තිබෙන අතර තවත් රටවල් රැසකට ප්‍රබල ගංවතුර තර්ජන එල්ල වී තිබේ. එම සංසිද්ධීන් දෙකම පදනම් කර ගනිමින් ලෝකයම ආහාර හිඟයක් අබියස සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ද මේ වනවිට එක් පසෙක දරුණු නියඟයක් පවතින අතර, පසුගිය සතියේ මධ්‍යම කඳුකරයට දැඩි වර්ෂාපතනයක් හට ගෙන තිබිණි. ලෝකයේ පවතින තත්වය නිවැරදිව තේරුම් ගනිමින් එළවළු පළතුරු සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපතේ යාම සම්පූර්ණයෙන් නවතා ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් සාමුහික වගකීමකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *