පලෙයි කැලේ එල් ටී ටී ඊ කඳවුරක් ගැන ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා – ආනන්ද විජේපාල
පලෙයි කැලේ එල් ටී ටී ඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍යයේ පළවූ පුවතට රජය පාර්ෂවයෙන් පිළිතුරු ලබාදීමට අද පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කටයුතු කළා.
සංගීත් ජයසේකර නැමැත්තෙක් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් ව්‍යාජ මතයක් සමාජගත කරවීම සම්බන්ධයෙන් සංගීත් යන අය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම පුද්ගලයා ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කරමින් නීති විරෝධී කටයුතු සිදුකරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

