Latestවිදේශීය

ඉරානය තවත් වෙනිසියුලාවක් කරන්න ඇමරිකාවට ඉඩ දෙන්නේ නැහැ – මසූඩ් පෙසෙෂ්කියන්

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය මුල් කරමින් අමෙරිකානු රජය වෙළෙඳ සම්බාධක ඉහළ දැමීමට පියවර ගැනීමෙන් ඉරානය ආර්ථික යුද්ධයකට මුහුණ දී සිටින බව එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භයේ සිට පැවසූ පරිදි ඉරානය තවත් වෙනිසියුලාවක් බවට පත් කිරිමට ඉඩ නොතබන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඉරාන ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුද්ධය ආරම්යේදීම ඉරානයේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයිද, තවත් වෙනිසියුලාවක් බවට පත්වනු ඇතැයි ද ට්‍රම්ප් අනාවැකි පළ කළත් සිය ජනතාවගේ නොසැලෙන එකමුතුභාවය හේතුවෙන් ලොවම මවිතයට පත් කිරීමට ඉරානය සමත්වූ බවය. ඉරානය තුළ බෙදීම්, ගැටුම් සහ මතභේද ඇති කිරිමට ගන්නා සියලු උත්සාහයන් මඟහරවා ගැනීමට රජය උපරිම ශක්තියෙන් කටයුතු කරන බව ද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *