පද්මේගේ ජංගම දුරකථන 8න් එළියට ආ රහස් කන්ද ?
රතු නිවේදනයකට අනුව මෙරට පොලිස් නිලධාරීන් සහ ඉන්දුනිසියාවේ විමර්ශකයින් එක්ව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒන ලද කෙහෙල්බද්දර පද්මෙ සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනවලට අනුව ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන 08ක් තුළ තිබූ කරුණු රැසක් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
ඒ අතර දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමගත් බන්ධනාගාර නිළධාරීන් කිහිපදෙනකු සමගත් පවත්වා ඇති දුරකථන සංවාද පිළිබඳවද අනාවරණය වී ඇති බව පැවසේ.
ඊට අමතරව එම දුරකථන 08 තුළ ඇමතුම් 8,841ක් හමුවී ඇත. ඊට අමතරව, ඡායාරූප 32,667ක්, විඩියෝ දර්ශණ 5,039ක් සහ පටිගත කිරීම් 1,101ක් තිබී හමුවී ඇත.
මේ පරීක්ෂණවලදී කෙහෙල්බද්දර පද්මේ, බන්ධනාගාර නිළධාරීන් කිහිපදෙනකු හා දේශපාලකයන් 09 දෙනකු සමග සමීප සබදතා පවත්වා ඇතිබවටද අනාවරණය වී තිබේ. මීට අමතරව මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු මෙන්ම නිළියන් හා නිරූපණ ශිල්පිණියන් 07 දෙනකු සමග ඔහු පැවැත් වූ සබදතා ගැනද පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
අත්අඩංගුවට ගත් පසු ඔහු සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ ප්‍රශ්න කිරීම මත උසාවියෙන් ලබා ගත් රැදවුම් නියෝග මතය. මේ විමර්ශණවලින් පසුව දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතව බූස්ස බන්ධනාගාරයේ විශේෂ මැදිරියකය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

