Latestවිදේශීය

නේපාලයේ මියගිය ගණන 734 දක්වා ඉහළට

නේපාලයට බලපෑ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අවම වශයෙන් 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් නිල වශයෙන් තහවුරු කර තිබේ. පවතින උග්‍ර ආපදා තත්ත්වය හමුවේ තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටින බව ප්‍රදේශයේ පාලන නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි පාරිසරික හා දේපළ හානි සිදු කරමින් පැමිණි මෙම හදිසි ගංවතුර හේතුවෙන් ප්‍රදේශ රැසක ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, අතුරුදහන් වූවන් සොයා ගැනීමේ සහ විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහන සේවා මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *