Latestදේශීය

රවී අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට අද(31) පැමිණ ඇත.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඔහු නිවසේ නොසිටි අතර, අද (31) දිනයේ අල්ලස් කොමිසම හමුවේ මන්ත්‍රීවරයා පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරුන් දැනුම් දී තිබුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *