ප්‍රියංකර පෙරේරා නික්ම යයි
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා නම් කලාකරුවා තම දිවිසැරිය නිමකර ඇත.
කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියයන විට ඔහු 64 වන වියේ පසුවිය.
ප්‍රවීණ ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා නම් අසහාය ගායන ශිල්පියාගේ වැඩිමහල් පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා මෙරට සංගීත ක්ෂේත්‍රයේ, 80 හා 90 දශකවල ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක හා ශ්‍රාවක ආදරය දිනාගෙන සිටියේය.
ගායන ක්ෂේත්‍රයට අමතරව රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදුන් ප්‍රියංකර පෙරේරා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් එක්විය.
ගමන ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු තමන්ටම ආවේනික රංගන ශෛලයකට හිමිකම් කියූ අපූරු රංගන ශිල්පියෙකු විය.
ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු සිදුකරන ආකාරය සහ දිනය පසුව දැනුම් දෙන බව ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සඳහන් කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

