අමෙරිකානු කඳවුරු වලට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්
අමෙරිකානු හමුදාවෙන් දකුණු ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් පස්දෙනකු මියයෑමට එරෙහිව ඉරාන ආරක්ෂක හමුදාව ජෝර්දානය, කුවේට්, ඉරාකය සහ බහරේන් රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාරයක් සිදු කර ඇතැයි වාර්තා වේ.
ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇත්තේ එම ප්‍රහාරවලින් දැඩි හානි සිදුවී ඇති බවය. ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා යටිතල පහසුකම් රැසක් විනාශ කළ බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ අතර ජෝර්දාන සන්නද්ධ බළකාය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ බැලැස්ටික් මිසයිල 13කින් 10ක් ගුවනේදීම විනාශ කළ බවය. තවත් මිසයිල 3ක් ජනශූන්‍ය ප්‍රදේශයකට පතිත වූ බව ද එම නිවේදනයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වූ බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ. බහරේන් රාජ්‍යයෙන් ද පිපිරීම් කිහිපයක් වාර්තා වූ බව ඉරාන මාධ්‍ය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

