“ක්‍රිකට් සාදු” – ප්‍රෙක්ෂකයා ඉහළම විනිශ්චය ආසනයේ තබන වගයි
ශ‍්‍ර‍්‍රී ලාංකීය සිනමාවේ නව ප‍්‍රබෝධයක් ඇති වී තිබෙන මෙම යුගයේ විවිධ ධාරාවන් ඔස්සේ නිර්මාණය වූ සිනමා කෘති එළි දැක්වෙමින් තිබේ. පවතින සමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳව සාධනීය අදහස්වලින් පිරුණු මිනිසුන් සහ ගැහැනුන් විශේෂයෙන්ම 2022 ගෝල්ෆේස් අරගලයෙන් පසුව ඉහළ යමින් පවතී.
“රහස් කියන කඳු” සිනමා කෘතිය 2023දී තිරගත කිරීමෙන් පසුව මේ දක්වා සමස්තයක් ලෙස සිනමාවේ ගුණාත්මක මෙන්ම ප්‍රෙක්ෂක ප‍්‍රතිචාරය අතින්ද පියවරෙන් පියවර ඉහළ යමින් පවතී. මේ දිනවල තිරගත වෙමින් තිබෙන “ක්‍රිකට් සාදු” සිනමා කෘතියට ප්‍රෙක්ෂකයාව ඉහළම විනිශ්චය ආසනයක තැබීමට සමත්වූ කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
කුඩා සාමනේර නමක් කේන්ද්‍රගත කරගෙන ගොඩනැගෙන කතා පුවත සමාජයේ ස්ථර ගණනාවක් විනිවිද දැකීම සඳහා ආලෝක ධාරා එල්ල කර ඇත. දිල්ශාරා ජයමාන්න තිර රචනය කර, අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය රසින්ත ජිනසේනගේ නිෂ්පාදනයක්ය.
සනත් ගුණතිලකගේ රංග ප‍්‍රතිභාව පිළිබඳව මුද්‍රා සටහන් වූ ‘විරාගයේ’ අරවින්ද සහ ‘පාලම යට’ චිත‍්‍රපටයේ කොටියාගේ චරිත නිරූපණයෙන් පසුව ඉතා සුවිශේෂී භූමිකාවක් භික්ෂූන් වහන්සේ නමකට පණ පොවමින් නිරූපණය කරන්නේය.
සංකීර්ණ ජීවන අභියෝග හමුවේ තවත් භික්ෂූන් වහන්සේ නමකගේ භූමිකාවකට ප්‍රියන්ත සිරි කුමාර පණ පෙවීමද ඉතා ඉහළ මට්ටමෙන් සිදුකර ඇත.
එමෙන්ම මවගේ චරිතයට පණ පොවන උදයන්ති කුලතුංග මෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාවට උපන් හපන්කම් දක්වන පුතුගේ චරිතයට පණ පොවන දිමිතු ප‍්‍රනාන්දු ද වෙසෙසින්ම අගය කළ යුතුය.
“ක්‍රිකට් සාදු” පිළිබඳව මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු කිරීම සඳහා තැබෙන කෙටි සටහනකි මෙය. නොපමාව එය නරඹා විවෘත සංවාදයකට ඉඩ දීම ප්‍රේක්ෂකයන් හට පැවරේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

