ජොන්ස්ටන්ට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු සහ පෞද්ගලික සමාගමක හිමිකරුවෙකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.
ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කර තිබේ.
හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු සහ අදාළ පෞද්ගලික සමාගමේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන, ‘Design Point පෞද්ගලික සමාගම’ නමැති ආයතනයෙන් ඒවා මිලදී ගැනීමට කටයුතු කිරීම තුළින් රජයට රුපියල් හැත්තෑනවලක්ෂ හැත්තෑ තුන්දහස්එකසිය දාහතරයි ශත පනහක (රු. 7,973,114.50) පාඩුවක් සිදු කර, දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

