Latestදේශීය

පරාක්‍රම සමුද්‍රයේ සීත මාලිගාව මතුවෙයි

දිස්ත්‍රික්ක 7කට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය සපයාගත නොහැකිව පවුල් 35,000 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඉන් ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් මගින් ජලය සපයාදීමට පියවර ගත්තත් තවමත් බොහෝ ප්‍රදේශවල ජනතාව සහ සතුන් දැඩි පීඩාවට පත්ව ඇත්තේ ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙනි.

පොළොන්නරුවට මාස 4ක් පුරා පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන පොළොන්නරුව ගිරිතලේ වැවේද ජල මට්ටමද අක්කර අඩි 9580 ක් දක්වා පහළ බැස තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය ද මේ වනවිට පහත බැසීමත් සමඟ එකල පරාක්‍රමබාහු රජතුමා ඉදිකරන ලදැයි සැලකෙන සීත මාලිගාවේ නටඹුන් මතුව ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *