පැසිපික් සාගරයේ එකවර සුළි කුණාටු 03ක් සක්‍රීය වෙයි
එල් නිනෝ සංසිද්ධිය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති පසුබිමක එම සංසිද්ධිය ඇරඹි පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි කුණාටු තුනක් සක්‍රීයවී තිබේ.
ඒ, වසර 11කට පසුවය.
මෙම කුණාටු තත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව මෙන්ම මුහුද රළු වීම හේතුවෙන් හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
එල් නිනෝ හමුවේ මේ වසර තුළ චීනයට බලපෑ 7 වැනි සුළි කුණාටුව ලෙසින් නම් කර ඇති සවුඩෙල් සුළි කුණාටුව එරටට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සඳහන්ය.
එල් නිනෝ හේතුවෙන් කොළොම්බියාවේ වැසි අඩුවී නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එරට නිවෙස් වෙත බවුසර් මගින් ජලය සැපයීමටත් සිදුව තිබේ.
එමෙන්ම ඉකුත් සති කිහිපය පුරා ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර ආශ්‍රිතව දරුණු ලැව්ගිනි පැතිර ගියේ එම රටවලට බලපෑ වියළි කාලගුණයත් සමඟය.
ලෝකයට එලෙස බලපෑම් කළ එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළේ මෙරට දිස්ත්‍රික්ක රැසකට දැඩි නියං තත්ත්වයක් ඇති කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

