සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම්
ඊජිප්තු රූපවාහිනි නිවේදිකාවක් වන සාරා කලීෆා සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකුට මරණ දඬුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ සැකකරුවන් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීමෙන් අනතුරුවය.
එරට රජයට යත් අල් – අහ්රාම් පුවත්පත සඳහන් කර ඇත්තේ ඇය ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවයි.
ඇය ඇතුළු සැකකරුවන් 11 දෙනාට එරෙහිව චෝදනා ගොනුව ඇත්තේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඒවා නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ සඳහා විශේෂිත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක් පිහිටුවීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි සහ පතරොම් ළඟ තබා ගැනීම සහ රැගෙන යාම යන චෝදනාය.
39 හැවිරිදී කලීෆා අපරාධ ගැටළු පිළිබඳව විකාශය වූ මිෂන් ඉම්පොසිබල් රූපවාහිනී වැඩසටහන හේතුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූවාය.
මේ අතර වාර්තා වනුයේ ඇයට එරෙහිව නගා ඇති මෙම චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.
තවද මෙම නඩු විභාගය අතරතුර බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය කිලෝ 750කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනය සඳහා අපනයනය කරන ලද අමුද්‍රව්‍යද නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ මින් පෙරද ඇයට තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් පැවැති නඩුවකදී වසර 5ක සිර දඬුවමක්ද නියම වී ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

