මියාමි ගුවන් අනතුරින් 5දෙනෙක් මියයති
අමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල මාර්ගයක ධාවනය වූ මෝටර් රථ කිහිපයක ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මියාමි හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය.
එදින දකුණු අමෙරිකාවේ පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් නුවර සිට ගමන් ආරම්භ කර ඇති ඇමසන් සමාගමට අයත් එම ගුවන්යානය ධාවන පථයේ ආරක්ෂිත කම්බි වැට ද කඩාගෙන ගොස් අනතුරට ලක්වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ එදින පස්වරුවේ යානය ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමේදී එම අනතුර සිදුවී ඇති බවය. අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ගුවන්යානය ගැටීමෙන් මෝටර් රථ තැළී පොඩිවී ඇති අතර, එතුළ සිරවූවන් මුදා ගැනීමට ගිනිනිවන හමුදාවට සහ මුදා ගැනීමේ කණ්ඩායම්වලට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවූ බව මියාමි හැරල්ඩ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
අනතුරෙන් පසු මියාමි ගුවන්තොටුපොළට සේන්දුවීමට සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන්යානා රැසක් ප්‍රමාද වී ඇති අතර, තවත් ගුවන් ගමන් 82ක් අවලංගු කිරීමට සිදුවූ බව ද වාර්තා වේ. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මඟින් අනතුර සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මියාමි හැරල්ඩ් පුවත් සේවය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

