උතුරු කොරියාව සහ රුසියාව යා කර ටුමානියා ගඟ හරහා තැනූ පාලම විවෘත වෙයි
දිනකට වාහන 300ක් හා පුද්ගලයින් 2,325 ගමන් කරන ටුමෙන් ගඟ හරහා රටවල් දෙක සම්බන්ධ වන පළමු මාර්ග පාලම විවෘත කර ඇති බව විදේශ මාධ්‍ය වර්තා කර සිටි. මේ අනුව දැඩි බටහිර සම්බාධක වලට මුහුණ දී සිටින උතුරු කොරියාව චීනයෙන් පසුව බලගතු රටවල් වන රුසියාව සමඟ යලි සමීප සබඳතා ගොඩනඟා ගනීමින් සිටින බව වාර්තා වේ.
උතුරු කොරියාව සහ රුසියාව සැප්තැම්බර් 08 වන අඟහරුවාදා ඔවුන්ගේ පළමු මාර්ග සම්බන්ධතාවය විවෘත කිරීම සැමරූ අතර එය දෙරට අතර සුහදතාවය පෙන්නුම් කරන නව පාලමක් වන අතර එය උතුරු කොරියාවේ ප්යොංයැං නගරයට මොස්කව් සමඟ ඇති සබඳතාවලින් ප්‍රතිලාභ ලබා ගත හැකි වනු ඇති බව වාර්තා වේ.
දෙවන ලෝක මහා යුධ සමයේ ඝාතන උත්සාහයකදී උතුරු කොරියානු නිර්මාතෘ කිම් ඉල්-සුං ආරක්ෂා කළ බවට වාර්තා වන සෝවියට් නිලධාරියෙකු වන යාකොව් නොවිචෙන්කෝගේ නමින් නම් කරන ලද මෙම නව පාලම උතුරු කොරියාව සහ රුසියාව අතර කිලෝමීටර් 17 ක මායිම වන ටුමන් ගඟ දක්වා විහිදේ.
“මෙම පාලම නිම කිරීම… සමස්තයක් ලෙස ද්විපාර්ශ්වික සහයෝගීතාවයට නව ජවයක් ලබා දෙයි,” යයි උතුරු කොරියානු නිල KCNA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, ජ්‍යෙෂ්ඨ උතුරු කොරියානු අගමැති Pak Thae-song පැවසීය. මේ දක්වා රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධ වී තිබුණේ දුම්රිය පාලමක් සහ ගුවන් සම්බන්ධතා මගින් පමණි. නව පාලම මගින් රටවල් දෙක අතර නව මිත්‍ර සබඳතා ශක්තිමත් වීමක් සිදු වීමට නියමිත බව වාර්තා වේ.
රුසියානු රජයේ ප්‍රකාශයකට අනුව, ආසන්න වශයෙන් මාස දහසයකින් ඉදිකරන ලද මෙම කිලෝමීටරයක දිග පාලම රුසියාව සහ උතුරු කොරියාව අතර මිත්‍රශීලී සහ යහපත් අසල්වැසි සබඳතා ශක්තිමත් කිරීමේ අභිලාෂය “සංකේතවත් කරනු ලබයි.
“දිනකට වාහන 300 ක් සහ පුද්ගලයින් 2,325 ක් නවාතැන් ගත හැකි” රුසියානු කොටසේ කසාන් දේශසීමා හරස් මාර්ගය ද ඉදිකරන ලද්දේ 2025 අප්‍රේල් 30 වන දින දියත් කරන ලද මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස බව එම මූලාශ්‍රයම පවසයි.
“රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා දැන් පෙර නොවූ විරූ මට්ටමේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක පවතී. දේශසීමා ප්‍රවාහන යටිතල පහසුකම් පුළුල් කිරීම මොස්කව් සහ ප්යොංයැං අතර ආර්ථික, වෙළඳ, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බලගතු පෙළඹවීමක් මෙමගින් සපයනු ඇති බව” ඉදි කරන ලද නව පාලමේ සමාරම්භක උත්සවයේදී රුසියානු අගමැති Mikhaïl Michoustine අවධාරණය කළේය.
මේ අතර බටහිර පුවත් පත් වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම නව පාලම විවෘත කිරීම සිදුවන්නේ උතුරු කොරියාව සහ චීනය අතර යාලු(YALU) ගඟ හරහා විහිදෙන තවත් නව පාලමක් අවසන් වීමට ආසන්නව තිබියදීය. උතුරු කොරියාවට එමගින් “රුසියාව සහ චීනය සම්බන්ධ කරන අතර ආර්ථික තරඟකාරිත්වයන් දිරිමත් කිරීමට සහ එහි වාසි උපරිම වශයෙන් දෙරටින්ම ලබා ගැනීමට ඉඩ සැලසේ” යයි ප්‍රංශයේ AFP මාධ්‍ය සේවය පෙන්වා දේ.
මෙම නව පාලම් ඉදි කිරීමෙන් රුසියාව හා උතුරු කොරියාව එක්සත් ජනපදයට ද පණිවිඩයක් යවනු ලබන ඔවුන් පෙන්වා දේ: එනම් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සම්බාධක ඉවත් කිරීමට ඉල්ලා සිටීමට හෝ න්‍යෂ්ටිකකරණය අවසන් කිරීම වැනි ඉල්ලීම් වලට සඳහා සහන ලබා දීමට අවශ්‍ය නොවන බව ට්‍රම්ප් පාලනයට ඒත්තු ගැන්වීමට උතුරු කොරියාව අපේක්ෂා කරයි.
මේ අතර උතුරු කොරියානු අගමැති Pak Thae-song ” මෙම ව්‍යාපෘතිය මගින් “රුසියානු-කොරියානු මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ ජනතාවගේ අවංක අභිලාෂයන්ට මෙය නව පාලමක් වනු ඇත. උතුරු කොරියාව සහ රුසියාව අතර මිත්‍ර සබඳතා, ටුමානියා ගඟේ සදාකාලිකව නතර කළ නොහැකි ලෙස ගලා ගෙන යන දිය ධාරාව මෙන් සදාකාලික වනු ඇත,” යයි අවධාරණය කර සිටියේය.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

