Latestදේශීය

කටුනායක සිට හලාවතට අනුරපුරට අධිවේගී මාර්ග පද්ධතියක්

කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයක් සහ අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවෙල කොටස නොවැම්බර්, දෙසැම්බර් මාසවල ආරම්භ කරන බවත්, කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල ආරම්භ කරන බවත් ඇමැතිවරයා කීය.

කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් ආරම්භ කරන ලෙස ජනපතිවරයා දැනුම් දී ඇති බව ද කටුනායක සිට දැදුරු ඔය පාලම ආසන්නයට අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටස 2028 මැයි මාසයේ අවසන් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන ඇමැතිවරයා පොතුහැර – රඹුක්කන කොටස 2027 වසරේ අප්‍රේල් අවසන් කිරීමට කටයුතු කරන බව ද කීය.

කුරුණෑගල සිට ගලේවෙල දක්වා අධිවේගී මාර්ග කොටස 2030 වන විට අවසන් කරන බව ද කීවේය.

“අනෙක් අධිවේගී මාර්ග ඊට පෙර අපි අවසන් කරනවා. සල්ලි තිබුණත් අපට අධිවේගී මාර්ග හදන්න හැකියාවක් නැහැ. මොකද ඒ මාර්ගය සඳහා අවශ්‍ය ඉඩම් යනාදිය අත්පත් කරගෙන නැහැ.

ඒවා සඳහා මාර්ග හදන්න යන කාලයෙන් සියයට හැත්තෑවක පමණ කාලයක් වැය වෙනවා. 2035 දක්වා ජාතික මංමාවත් සැලැස්මක් අපි හදනවා” යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *