මැල්කම් කාදිනල් රංජිත් හිමි ජනපති හමුවෙයි
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රටේ සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින්, කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනජීවිතයට බලපාන පරිසර හානි සහ විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සියලු ජන කොටස් අතර විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අගය කළ කතෝලික ආගමික නායකයෝ ඒ වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.
කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
සිරිල් ගාමිණි පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා ඇතුළු පියතුමන්ලා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

