Latestදේශීය

යෝෂිත නඩුවේ බොරුසාක්ෂි දුන් අයෙකුට එරෙහිව නීතිමය පියවර

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ, බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබාදෙන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.

ඒ අනුව මෙම සාක්ෂිකරුට එරෙහිව, බොරු සාක්ෂි දීමේ චෝදනා යටතේ පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව එම සාක්ෂිකරු ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *