උභයජල යාත්‍රාව යුරෝපයට අපනයනය අරඹයි
ගොඩබිම මෙන්ම මුහුදේද ධාවනය කළ හැකි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම උභයජල (Amphibious) යාත්‍රාව යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (10) කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී සිදු කෙරිණි.
Ocean Voyager International ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති මෙම උසස් තාක්ෂණයෙන් යුත් යාත්‍රාව මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි. ලෝකයේ ප්‍රධාන නාවික මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට කෙටි කාලයක් තුළ විශාල විදේශ විනිමයක් උපයාගත හැකි ප්රමුඛ ක්ෂේත්රයක් ලෙස බෝට්ටු හා නැව් නිෂ්පාදන කර්මාන්තය රජය විසින් හඳුනාගෙන ඇති බව මෙම අවස්ථාවට එක් වූ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මෙරට දක්ෂ ඉංජිනේරුවන් සහ ශ්‍රමිකයින්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ රජයේ පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරට නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාම රජයේ ප්රමුඛ අරමුණක් බවද හෙතෙම පැවසීය. මෙම අවස්ථාවට SLYG සමාගම් සමූහයේ සභාපති Pierre Pringiers මහතා ඇතුළු සමාගම් පාලනාධිකාරියේ නියෝජිතයින් සහ ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන් එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

