යේමනයේ මුළු රතු මුහුදු වෙරළ තීරයේම බලය හූතිවරුන් අතට
යේමනයේ උපායමාර්ගිකව වැදගත් බබ් අල්-මන්දෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මොචා (Mocha) නගරයේ බලය අල්ලා ගැනීමත් සමඟ, යේමනයට අයත් මුළු රතු මුහුදු වෙරළ තීරයේම පාලනය තමුන් සතු කර ගැනීමට හූති සන්නද්ධ කණ්ඩායම සමත්ව තිබේ. ලෝක වෙළඳාමේ ප්‍රධානතම නාවික මාර්ගයක් මෙලෙස හූතිවරුන්ගේ පාලනයට නතුවීමත් සමඟ කලාපීය නාවික ගමනාගමනයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.
මෙම තත්ත්වය හමුවේ සවුදි අරාබි හමුදා විසින් යේමනයේ මොචා ගුවන්තොටුපළ වෙත ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව හූතිවරුන්ට අයත් අල්-මසීරා (Al-Masirah) නාලිකාව වාර්තා කරයි.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඇමරිකානු “සෙයිල්ඩ්රෝන්” (Saildrone) වර්ගයේ නියමුරහිත නෞකාවකට ප්‍රහාර එල්ල කර එහි මෙහෙයුම් අඩපණ කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සාගර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) තහවුරු කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

