කොළඹ මැරතන් ආධිපත්‍ය උගන්ඩාවට හා ඉතියෝපියාවට
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් සංවිධාන කළ ‘කොළඹ මැරතන්’ පිරිමි තරගයේ ජය උගන්ඩාවේ ජූලියස් උගන්ඩන් හිමිකරගත් අතර, කාන්තා තරගයේ ජය ඉතියෝපියාවේ කසාහුන් ටෙෆෙරි සතු වූවාය. මේ දෙදෙනාටම රුපියල් ලක්ෂ 17 බැගින් තෑගි මුදල් හා කොළඹ මැරතන් ශූරතාව හිමි වූහ. කාන්තා පූර්ණ මැරතන් තරගයේ මුල් ජයග්‍රාහිකාවන් පස්දෙනාම ඉතියෝපියාවේ හා කෙන්යාවේ වූ අතර, පිරිමි පූර්ණ මැරතන් මුල් ජයග්‍රහණ පහම උගන්ඩා – කෙන්යා හා ඉතියෝපියා අතර බෙදී ගියහ.

ඊයේ පෙරවරු 6ට ජාතික ක්‍රීඩා අධිකාරි පරිශ්‍රය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් හරහා ගාලු මුවදොර දෙසින් දෙහිවල දක්වා ගොස් නැවත ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් නිමා වූ කිලෝමීටර් 42.195ක් දුරැති පූර්ණ මැරතන් තරගයේ හා කිලෝමීටර් 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගයේ වැඩි ජයග්‍රහණ උගන්ඩා – කෙන්යා හා ඉතියෝපියා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සතු කර ගත්හ. කිලෝමීටර් 10ක මාර්ග ධාවන තරගය හා කිලෝමීටර් 5ක විනෝද ධාවනය ඇතුළත් විය. රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය තරගකරුවන් 130ක් සමඟ 5000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කොළඹ මැරතන් තරගයට සහභාගි වූ අතර, ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 128කට අධික ත්‍යාග මුදලක් පිරිනැමීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි.
කිලෝමීටර් 42.195ක් දුරැති පූර්ණ මැරතන් තරගය කාන්තා – 1. කසාහුන් ටෙෆෙරි – ඉතියෝපියා රු. ලක්ෂ 17
2. ගෙටේ ගූටා ගලාටෝ – ඉතියෝපියා රු. ලක්ෂ 8
3. ගෙන්සෙබ් ෂුමි රෙගාසා – ඉතියෝපියා රු. ලක්ෂ 5
4. රියල් ජෙප්යෝ කිමයියෝ – කෙන්යා රු. ලක්ෂ 2.5
5. පමලා බන්ඩොවික් – කෙන්යා – රු. ලක්ෂ 2
කිලෝමීටර් 42.195ක් දුරැති පූර්ණ මැරතන් තරගය පිරිමි – 1. ජූලියස් උගන්ඩන් – උගන්ඩාව රු. ලක්ෂ 17
2. ජොෆ්රි බිර්ගේන් – කෙන්යා රු.ලක්ෂ 8
3. නෙගාසි ටූජි කෝර්මේ – ඉතියෝපියා රු. ලක්ෂ 5
4. නේෂාට් ඩෙරුටු – කෙන්යා රු. ලක්ෂ 2.5
5. තමිරු – ඉතියොපියා රු. ලක්ෂ 2
කිලෝමීටර් 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගය කාන්තා – 1. මෙත්මි රසාරා විජේසූරිය – ශ්‍රී ලංකා රු. ලක්ෂ 5
2. චාමිනී – ශ්‍රී ලංකා රු. ලක්ෂ 4
3. ජැක්ලීන් ජෙප්තනොවී – කෙන්යා රු. ලක්ෂ 2. 5
4. ටියාමෝ ග්‍රේබියල් – ඉතියෝපියා රු. ලක්ෂ 1. 25
5. ඒ.එල්.එස්.ඩී. ලියනගේ – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්
කිලෝමීටර් 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගය පිරිමි –
1. එඩ්වින් යෙබී කිප්ටෝ – කෙන්යා රු. ලක්ෂ 5
2. සරත් කුමාර – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 4
3. බෝමර් කිප්ටෝ එවන්ස් – කෙන්යා රු. ලක්ෂ 2.5
4. විමල් දිල්රුක්ෂ – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1. 25
5. ජනිත රොෂාන් ජයකොඩි – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්
කිලෝමීටර් 10ක මාර්ග ධාවන තරගය කාන්තා –
1. එස්.එස්. විමලසූරිය – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 2
2. ඕෂධි ෆොන්සේකා – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1.5
3. ශෂිකලා – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්
4. මංසලා ද සිල්වා – ශ්‍රී ලංකාව රු. 60000
5. ඩබ්ලිව්.එස්.එන්. තාමෙල් – ශ්‍රී ලංකාව රු. 50000
කිලෝමීටර් 10ක මාර්ග ධාවන තරගය පිරිමි – 1. මහේනද්‍රන් ගොබිනාදන් – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 2
2. ආර.එම්.පී. සමන්ත – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1.5
3. ජී.බී.එස්. සේනානායක – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්
4. රුවන්සිරි විජේවික්‍රම – ශ්‍රී ලංකාව රු. 60000
5. ශෂිකුමාර් රෝෂන් – ශ්‍රී ලංකාව ලක්ෂ රු. 50000

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

