Latestක්‍රීඩාදේශීය

කොළඹ මැර­තන් ආධි­පත්‍ය උග­න්ඩා­වට හා ඉති­යෝ­පි­යා­වට

තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමා­ත්‍යාං­ශය මඟින් සංවි­ධාන කළ ‘කොළඹ මැර­තන්’ පිරිමි තර­ගයේ ජය උග­න්ඩාවේ ජූලි­යස් උග­න්ඩන් හිමි­ක­ර­ගත් අතර, කාන්තා තර­ගයේ ජය ඉති­යෝ­පි­යාවේ කසා­හුන් ටෙෆෙරි සතු වූවාය. මේ දෙදෙ­නා­ටම රුපි­යල් ලක්ෂ 17 බැගින් තෑගි මුදල් හා කොළඹ මැර­තන් ශූර­තාව හිමි වූහ. කාන්තා පූර්ණ මැර­තන් තර­ගයේ මුල් ජය­ග්‍රා­හි­කා­වන් පස්දෙ­නාම ඉති­යෝ­පි­යාවේ හා කෙන්යාවේ වූ අතර, පිරිමි පූර්ණ මැර­තන් මුල් ජය­ග්‍ර­හණ පහම උගන්ඩා – කෙන්යා හා ඉති­යෝ­පියා අතර බෙදී ගියහ.

ඊයේ පෙර­වරු 6ට ජාතික ක්‍රීඩා අධි­කාරි පරි­ශ්‍රය අස­ලින් ආරම්භ වී කොල්ලු­පි­ටිය සහ මැරීන් ඩ්‍රයිව් හරහා ගාලු මුව­දොර දෙසින් දෙහි­වල දක්වා ගොස් නැවත ක්‍රීඩා අමා­ත්‍යාං­ශය අස­ලින් නිමා වූ කිලෝ­මී­ටර් 42.195ක් දුරැති පූර්ණ මැර­තන් තර­ගයේ හා කි‍ලෝමී­ටර් 21.097ක් දුරැති අර්ධ මැර­තන් තර­ගයේ වැඩි ජය­ග්‍ර­හණ උගන්ඩා – කෙන්යා හා ඉති­යෝ­පියා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සතු කර ගත්හ. කිලෝ­මී­ටර් 10ක මාර්ග ධාවන තර­ගය හා කිලෝ­මී­ටර් 5ක විනෝද ධාව­නය ඇතු­ළත් විය. රට­වල් 25ක් නියෝ­ජ­නය කර­මින් විදේ­ශීය තර­ග­ක­රු­වන් 130ක් සමඟ 5000කට අධික ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් පිරි­සක් කොළඹ මැර­තන් තර­ග­යට සහ­භාගි වූ අතර, ජය­ග්‍රා­හ­ක­යන් සඳහා රුපි­යල් ලක්ෂ 128කට අධික ත්‍යාග මුද­ලක් පිරි­නැ­මී­මට යෞවන කට­යුතු හා ක්‍රීඩා අමා­ත්‍යාං­ශය කට­යුතු යොදා තිබිණි.

කිලෝ­මී­ටර් 42.195ක් දුරැති පූර්ණ මැර­තන් තර­ගය කාන්තා – 1. කසා­හුන් ටෙෆෙරි – ඉති­යෝ­පියා රු. ලක්ෂ 17

2. ගෙටේ ගූටා ගලාටෝ – ඉති­යෝ­පියා රු. ලක්ෂ 8

3. ගෙන්සෙබ් ෂුමි රෙගාසා – ඉති­යෝ­පියා රු. ලක්ෂ 5

4. රියල් ජෙප්යෝ කිම­යියෝ – කෙන්යා රු. ලක්ෂ 2.5

5. පමලා බන්ඩො­වික් – කෙන්යා – රු. ලක්ෂ 2

කිලෝමී­ටර් 42.195ක් දුරැති පූර්ණ මැර­තන් තර­ගය පිරිමි – 1. ජූලි­යස් උග­න්ඩන් – උග­න්ඩාව රු. ලක්ෂ 17

2. ජොෆ්රි බිර්ගේන් – කෙන්යා රු.ලක්ෂ 8

3. නෙගාසි ටූජි කෝර්මේ – ඉති­යෝ­පියා රු. ලක්ෂ 5

4. ‍ නේෂාට් ඩෙරුටු – කෙන්යා රු. ලක්ෂ 2.5

5. තමිරු – ඉති­යො­පියා රු. ලක්ෂ 2

කි‍ලෝමී­ටර් 21.097ක් දුරැති අර්ධ මැර­තන් තර­ගය කාන්තා – 1. මෙත්මි රසාරා විජේ­සූ­රිය – ශ්‍රී ලංකා රු. ලක්ෂ 5

2. චාමිනී – ශ්‍රී ලංකා රු. ලක්ෂ 4

3. ජැක්ලීන් ජෙප්ත­නොවී – කෙන්යා රු. ලක්ෂ 2. 5

4. ටියාමෝ ග්‍රේබි­යල් – ඉති­යෝ­පියා රු. ලක්ෂ 1. 25

5. ඒ.එල්.එස්.ඩී. ලිය­නගේ – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්

කි‍ලෝමී­ටර් 21.097ක් දුරැති අර්ධ මැර­තන් තර­ගය පිරිමි –

1. එඩ්වින් යෙබී කිප්ටෝ – කෙන්යා රු. ලක්ෂ 5

2. සරත් කුමාර – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 4

3. බෝමර් කිප්ටෝ එවන්ස් – කෙන්යා රු. ලක්ෂ 2.5

4. විමල් දිල්රුක්ෂ – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1. 25

5. ජනිත රොෂාන් ජය­කොඩි – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්

කිලෝ­මී­ටර් 10ක මාර්ග ධාවන තර­ගය කාන්තා –

1. එස්.එස්. විම­ල­සූ­රිය – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 2

2. ඕෂධි ෆොන්සේකා – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1.5

3. ශෂි­කලා – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්

4. මංසලා ද සිල්වා – ශ්‍රී ලංකාව රු. 60000

5. ඩබ්ලිව්.එස්.එන්. තාමෙල් – ශ්‍රී ලංකාව රු. 50000

කිලෝ­මී­ටර් 10ක මාර්ග ධාවන තර­ගය පිරිමි – 1. මහේ­න­ද්‍රන් ගොබි­නා­දන් – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 2

2. ආර.එම්.පී. සමන්ත – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1.5

3. ජී.බී.එස්. සේනා­නා­යක – ශ්‍රී ලංකාව රු. ලක්ෂ 1ක්

4. රුව­න්සිරි වි‍ජේවි­ක්‍රම – ශ්‍රී ලංකාව රු. 60000

5. ශෂි­කු­මාර් රෝෂන් – ශ්‍රී ලංකාව ලක්ෂ රු. 50000

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *