Latestදේශීය

විමල්-දිලිත්-ගම්ම­න්පි­ලට එරෙහි නඩුව විභා­ග­යට ත්‍රිපු­ද්ගල විනි­සුරු මඩු­ල්ලක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අ­ඩං­ගු­වට ගෙන රඳවා තබා ගැනී­මට එරෙ­හිව පැවැති විරෝ­ධතා ව්‍යාපා­ර­යක් අත­ර­තුර පළ කළ අද­හ­ස්ව­ලින් අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් කළැයි කියන හිටපු අමා­ත්‍ය­ව­රුන් ඇතුළු පිරි­ස­කට එරෙ­හිව කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදි­රි­පත් කළ පැමි­ණිල්ල ලබන 18 වැනිදා සලකා බැලී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ 14 තීර­ණය කළේය. කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා විසින් හිටපු අමා­ත්‍ය­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර, හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ලේකම් සුගී­ශ්වර බණ්ඩාර, අසංක නව­රත්න, කථි­කා­චාර්ය මහින්ද පති­රණ යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වූ පැමි­ණිල්ල සලකා බැලී­මෙන් අන­තු­රුව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එලෙස තීර­ණය කළේය.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා විසින් ඉදි­රි­පත් කළ අදාළ පැමි­ණිල්ල

අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ සභා­පති විනි­සුරු රොහාන්ත අබේ­සූ­රිය, චමත් මොරා­යස් සහ ආදිත්‍ය පට­බැ­ඳිගේ යන මහ­ත්ව­රු­න්ගෙන් සැදු­ම්ලත් විනි­සුරු මඩු­ල්ලක් හමුවේ විමසා බැලී­මට තීර­ණය කර ඇත.

කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් ඉදි­රි­පත් කරන ලද පැමි­ණිල්ල අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු රොහාන්ත අබේ­සූ­රිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඩුල්ල ඉදි­රියේ කැඳ­වනු ලැබූ අව­ස්ථා­වේදී ඒ බව දැනුම් දෙනු ලැබිණි.

මේ අතර අධි­ක­ර­ණ­යට අප­හාස කළ බවට කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා කර ඇති නිග­ම­නය අභි­යෝ­ග­යට ලක් කර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර මහතා විසින් ගොනු­කොට ඇති රිට් පෙත්සම ද කරුණු තහ­වුරු කිරීම සඳහා ලබන 18 වැනිදා කැඳ­වන ලෙස අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නියෝග කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු රොහාන්ත අබේ­සූ­රිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඩුල්ල හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව එලෙස නියම කළේය.

පෙත්ස­ම්කාර දිලිත් ජය­වීර මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්ව­මින් සිය සේවා දාය­කයා ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කදී පළ කළ අද­හ­ස්ව­ලින් තෝරා ගත් කොටස් කීප­යක් පම­ණක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට ඉදි­රි­පත් කර­මින් සිය සේවා­දා­ය­කයා අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් කළ බවට කරුණු ඉදි­රි­පත් කර ඇතැයි දැනුම් දුන්නේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් හිතා­ම­තාම මෙම ක්‍රියාව කර ඇතැයි පෙන්වා දුන් ජනා­ධි­පති නීතිඥ අලි සබ්රී මහතා අදාළ මාධ්‍ය සාක­ච්ඡා­වේදී තම සේවා­දා­ය­කයා රහස් පොලී­සියේ ක්‍රියා කලා­පය විවේ­ච­නය කළත් අධි­ක­ර­ණ­යට අප­හාස කිරී­මක් කර නැතැයි පෙන්වා දුන්නේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඩුල්ල පෙත්සම ලබන 18 වැනි දින කැඳ­වන ලෙස නියෝග කළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *