Latestදේශීය

අධිකරණය මගහරින බැසිල්ට ජාත්‍යන්තර පොලීසියෙන් නිල් නිවේදනයක්

අධිකරණය මඟ හරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පවසන්නේ, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය.

බැසිල් රාජපක්ෂට එරෙහිව මෙරට අධිකරණය හමුවේ නඩු කටයුතු පවතින අතර ඔහු අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනීම මග හරිමින් විවිධ හේතු දක්වා තිබිණි.

මාතර, එලියාකන්ද පාරේ බ්‍රවුන්ස් හිල් හි පිහිටි පර්චස් 1.5ක ඉඩමක් රුපියල් මිලියන 60ක මුදලකට මිලදී ගැනීමට අදාළව පවතින නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, ඉකුත් ජූලි මාසයේදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නැවත නිකුත් කර තිබිණි.

ඉහත ජාත්‍යන්තර නිල් නිවේදනය හරහා සැකකරුගේ අනන්‍යතාව, ඔහු දැනට රැඳී සිටින ස්ථානය හෝ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ජාත්‍යන්තර විමර්ශන බලධාරීන්ට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *