Latestදේශීය

‘දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ පවුල් සඳහා ඉදිකළ නිවාස ජපාන තානාපතිගේ නිරීක්ෂණයට

‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් අවතැන් වූ නුවරඑළිය ‘යුනික් වීව්’ ගම්මානයේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අන්තර්කාලීන නිවාස නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති  Akio Isomata මහතා පසුගිය දා (18) සහභාගි විය.

මෙම අවස්ථාවට නාවික හමුදාධිපතිවරයා නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා ද සහභාගි විය.

ජපාන රජය, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM), යුනිසෙෆ් සංවිධානය (UNICEF) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කෙටි කාලයක් තුළ මෙම අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, නුවරඑළිය ‘යුනික් වීව්’ ගම්මානයේ ආපදාවෙන් අවතැන් වූ පවුල් 35ක් සඳහා ඉදිකරන ලද අන්තර්කාලීන නිවාස පසුගිය අගෝස්තු 05 වැනිදා එම පවුල් වෙත භාර දෙන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවට සමගාමීව, ජපාන තානාපතිවරයා විසින් අන්තර්කාලීන නිවාසවල පදිංචි පවුල් සඳහා අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය මෙවලම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ද ප්‍රදානය කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *