Latestවිදේශීය

පිලිපීනය චෝදනා කරයි – චීනය ප්‍රතික්ෂේප කරයි

දකුණු චීන මුහුදු සීමාවේදී චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් මගින් පිලිපීන රජයට අයත් නෞකාවක් අනතුරට ලක්කර ඇති බවට පිලිපීනය චෝදනා කරයි.

පාලවාන් පළාතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් ඉතා අනතුරුදායක ලෙස පිලිපීන නෞකාවේ ගැටී ඇති බව පිලිපීන වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ.

ගැටුමෙන් පිලිපීන නෞකාවට හානි සිදුවී ඇති අතර කිසිදු පුද්ගල තුවාලවීමක් වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

පිලිපීන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අයත් මෙම නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී දේශීය ධීවරයින් සඳහා ඉන්ධන සැපයීමේ මෙහෙයුමක නිරතව සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිලිපීන වෙරළාරක්ෂක බළකායේ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, චීන යාත්‍රාව ප්‍රථමයෙන් මීටර් 10ක් වැනි ආසන්න දුරකින් පිලිපීන නෞකාවේ මාර්ගය හරහා ගමන් කළ බවය.

කෙසේ වෙතත්, චීනය මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් අනතුරේ වගකීම පිලිපීන පාර්ශ්වය වෙත පවරා ඇත.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු චීන වෙරළාරක්ෂක බළකායේ තොරතුරු උපුටා දක්වමින් කියා සිටියේ, පිලිපීන නෞකාව ලබාදුන් අවවාද ගණනකට නොගෙන, හිතුමනාපයේ ගමන් මාර්ගය වෙනස් කරමින් චීන යාත්‍රාව ඉදිරියෙන් ක්ෂණිකව ධාවනය කිරීමට උත්සාහ කිරීම නිසා මෙම අනතුර සිදුවූ බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *