අයියාගේ ඝාතනයට මල්ලී අත්අඩංගුවට
අඟුරුවාතොට, පෙතිගමුව කන්ද ප්රදේශයේදී අද (19) අලුයම සිදුවූ තියුණු ආයුධ පහරදීමකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හල්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය තැනැත්තා, නිතර බීමත්ව නිවසේ අඬදබර කරගන්නා අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊයේ (18) රාත්රියේද මියගිය පුද්ගලයා සිය මවට පහර දෙමින් සිටි අවස්ථාවේදී, ඇය බේරාගැනීමේ අරමුණින් 35 හැවිරිදි බාල සොහොයුරා විසින් මන්නයකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
මරණකරුගේ පහරදීමට ලක්වූ මවද තුවාල ලබා මේ වනවිට හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇත.
මෙයට පෙරද මියගිය තැනැත්තා සිය පියාට පහරදී තුවාල සිදුකර තිබූ අතර, පියාද හොරණ රෝහලෙන් ප්රතිකාර ලබාගෙන තිබූ බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ 35 හැවිරිදි සැකකාර සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

