Latestවිදේශීය

ඉරානය විනාශ කරනවා – ට්‍රම්ප් UN අමතමින් කියයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඉරානය සමඟ ගිවිසුමකට එළඹීම හෝ ඉරාන ඉස්ලාමීය ජනරජය “විනාශ කිරීම” අතර තමන්ට “විශාල තීරණයක්” ගැනීමට සිදුව ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළ ට්‍රම්ප්, ගිවිසුමක් හරහා ගැටුම අවසන් කර ඉරානයට නැවත ගොඩනැගීමට අවස්ථාව ලබාදීම හෝ දැඩි ක්‍රියාමාර්ගයකට යාම යන විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඔහු න්‍යෂ්ටික අවි ඉරානය සතු වීම වැළැක්වීම තම ප්‍රධාන අරමුණක් බවද පැවසීය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් නිව්යෝර්ක්හිදී පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති බව අනාවරණය විය. එක්සත් ජනපද පාර්ශ්වයෙන් විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ද, ඉරාන පාර්ශ්වයෙන් විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චිද සාකච්ඡාවට සම්බන්ධ වූ බව වාර්තා වේ.

ට්‍රම්ප් එම හමුව “ඉතා හොඳ” සහ “ඵලදායී” සාකච්ඡාවක් ලෙස හැඳින්වූ අතර, ඉදිරියේදී තවත් සාකච්ඡාවක් පැවැත්විය හැකි බව සඳහන් කළේය. සාකච්ඡාවේදී ඉරානයේ කොන්දේසි සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ කරුණු සාකච්ඡා වූ බව වාර්තා වේ.

මේ අතර, ට්‍රම්ප්ගේ UN දේශනය අතරතුර ඉරාන නියෝජිත පිරිසෙන් බොහෝ දෙනෙක් සභා ශාලාවෙන් පිටව ගිය බවද වාර්තා විය

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *