Latestදේශීය

නාමල්ට අල්ලස් දුන්නැයි ක්‍රිෂ් සමාගමේ ජානකි සිරිවර්ධන අත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද [24] අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාවටය .

එහිදී ඇය අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *