Latestදේශීය

බද්දේගම නිවසකට වෙඩි තබයි

ගාල්ල, බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසට වෙඩි තබා අනතුරුව එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවට සදහන් වේ .

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *