Latestදේශීය

22ට විරුද්ධයි, ජාතික ජන බලවේගයෙන් යන්නේ නැහැ – ලාල් විජේනායක

තමන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දැරූවද, ජාතික ජන බලවේගය, තමන් පක්ෂයෙන් ඉවත් නොකළ බවත්, තමන්ද ජාතික ජන බලවේගය හැර නොයන බවත්, එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ලාල් විජේනායක පවසයි.

කෙසේ වෙතත්, විසි දෙවන සංශෝධනය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ වෙනසක් නැති බවද ඔහු සඳහන් කරයි.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතීඥ සංගමය ගනු ලබන ක්‍රියාමාර්ග සමග ඉදිරියටත් තමන් හිට ගන්නා බවද ඔහු අවධාරණය කරයි.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂයේ මතය හා තමන්ගේ මතය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයකට පැමිණි අවස්ථාවේ දී තමන් ජනාධිපති අනුර දිසානායකද හමු වූ බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් සමස්තයක් ලෙස තමන් ජාතික ජන බලවේගයේ දේශපාලන ස්ථාවරයේම සිටිමින් කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *