නඩු දෙකකට නාමල් අද අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) නඩු දෙකකට අදාළව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ක්‍රිෂ් ගනුදෙනුව සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩු සඳහා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ නියෝග කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ පැමිණිල්ල මීට පෙර ලබන මස 06 වනදා කැඳවීමට දින නියම කර තිබුණි. කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

